09 වෙනි රාශිය 🦁🐰

497 74 40
                                    

" ඔය පොල් ගෙඩිය දෙන්න චූටි හාමූ  මං ඕක බිඳගන්නම්..

" ඔයා පැත්තකට වෙලා ඉන්නකෝ .. මං මේක බිඳලා දෙන්නම්.. මං පොල්ද බිඳලා නැත්තේ .. මං හිච්චී කාලේ අපේ ඉස්කොලේ ඔලුව වැඩි කොල්ලොන්ගේ ඔලු බිඳලාම වාර්තාවක් තියපු එල කොල්ලෙක්.. පිට කොටුවේ බෝගහා ගාවට ගිහින් අහලා බලන්න චන්ගාව දන්නවා ද කියලා .. කෙලින්ම ඔක්කොම අහසට වැදගෙන කියයි මං බිඳපු පොල් ගාන ආ නෑ ඔලු ගාන පියා නැන්දේ... පියා නැන්දා මෙතන පියාමැස්සෙක් වගේ මට උදැල්ල දාන් නැතුව අඩියක් දුරින් ඉන්න .. මං මේ මන්නෙන් පොල් ගෙඩිය පටාර් ගාලා බිඳලා දෙන්නම් "

ඇත්තටම මං බිඳපු ඔලු හැටියට මේ පොල් මොනවාද .. පොල් කියලා අලි පුපෙන් ආපූ එකක් ද මට බිඳින්න බැරි වෙන්න .. ඇත්තටම මොකට මේ ගෑනු පරානේ මට පොල් ගෙඩිය බිඳින්න දෙන් නැතුව බාල්දි දානවාද මන්දා .. දැනට පස් වතාවක් මං මේ පොලේට මන්නෙන් ගැහුවා තමයි ඒත් ඒක නොබිඳුනු එකත් ඇත්ත තමයි එහෙමයි කියලා ඒකෙන් කියන්න බෑනේ මට පොල් බිඳින්න බෑ කියලා .  මෙහෙමයි මං ජිවිතේ ට පොල් ගෙඩියක් බිඳලා නෑ ඒක වෙනම කතාවක් .. ඇයි අනේ අපේ රයිනි අම්මා ජිවිතේ ට මටයි අර පියාමැස්සො දෙන්නාටයි කුස්සිය පැත්තේ එන්න දෙන් නෑ .. එයා කියන්නේ කිචන් වනසන්න විතරක් එන්න එපා කියලා .. එකොමත් එක  දවසක ඒ කියන්නේ එතකොට මට පහලවක් වගේ ඇති  අපි තුන්දෙනා රයිනි අම්මා නැති වේලාවේ තේ එකක් හදාගන්න ගිහින් පිටි බෝතලේම කෝප්ප තුනකට දාලා දිය කරා .. ආ තව සීනී බෝතලෙන් භාගෙකුත් දැම්මා.. ඔන්න ඕකට මලපැනලා තමයි එයා අපි තුනට කුස්සියට අඩිය තියන්න නොදෙන්නේ.. " මගේ කිචන් එක අස්සට ආය එන්න එප්පාආආආ " කියලා එදා කෑගැහුවා එයා.. කවුද දන්නේ මොන මඟුලක් නිසා කෑ ගැහුවාද කියලා . මොනවා උනත් පිටියි සීනියි එකට අනන් වතුර දාලා පේස්ට් එකක් හදාන් සමපොෂ වගේ කද්දී ගතියක් තියෙනවා .. පොල් ටිකකුත් දාගන්න තිබ්බේ .. මොනවා උනත් එදා බඩ බුරුලට අල්ලලා වරුවක් ලැට් එකේ හිටියා.. ආ සොරි ලැට් එක කිව්වාට .. ඒත් ඉතින් ලැට් එකට ලැට් එක නොකියා දේවාලේ කියන්න ද.. මගේ නෑනේ ඔය පොස් වචන ..  මං පොඩි කාලේ ඉදන් පොල් ගෙඩියක් බිඳින්නවත් ට්‍රයි කරන්න බැරි උනේ මගේ වැරැද්දක් නිසා නෙමෙයි ඔය රයිනි අම්මා තමයි හේතුව ... දැන් බලන්න පස් සැරයක් පොලේ බිමින් තියලා මන්නෙන් කෙලියා.. මන්නේ වැදිලා පොලේ විසි වෙනවා විතරයි බිඳෙන් නෑ .. එහෙමයි කියලා චා වෙන්න පුලුවන් ද බෑනේ .. අද්වික් අයියාත් නැතුව කම්මැලි කමේ මේ ගෙදර ඉන්න බෑ . අර රක්ෂත් කියන වල් ප*යා අද්වික් අයියා ව ආය ඉන්දියාවට යැව්වානේ ඊයේ රෑ .. උදේ ඇහැරුන වේලාවේ ඉදලා මට කම්මැලි .. කවදාවත් නැතුව හීනයක් දැකලා බය වෙලා මං උදේ හයට නැගිට්ටානේ.. ඉතින් කරන්න වැඩක් නැතුව කැරකි කැරකි ඉදලා මං මේ වලව්වේ කුස්සිය නොහොත් කිචන් එකට ආවා.. මෙහෙ උයන්න වැඩ කරන්න පියානි කියලා නැන්දෙක් ඉන්නවා .  එයා මං එද්දි පොල් ගෙඩියක් ලෙලි ගහන් කුස්සියේ තියෙන පිටිපස්සේ දොරෙන් ඇතුලට ආවා.. ඉතින් මගේ තියෙන හොද කම නිසා මං මේ පොලේ බිඳලා දෙන්න ඉල්ලගත්තා.. පියානි නැන්දා මට පොලේයි තඩි මන්නෙකුයි දුන්නා.  මේ මන්න නම් මොනවාද මීට වඩා ලොකු මන්නවලින් මං මිනිස්සු බය කරලා තියෙන්නේ ... ඒත් දැන් අවාසනාවට පොල් ගෙඩියක් මට කොචොක් කරනවා..

රාශි 🔱 [ Yizhan Nonfic ] Ongoing story Where stories live. Discover now