01වන කොටස

7.8K 453 119
                                    

චබී.....ච.....බී.....

මගෙ ඇස් කොන් වලින් කදුළු බිංදු කඩන් වැටුනා .....

චබී...දන්නවද අදත් රව්ම්ම රව්මට නිල්පාටින් හද පායලා....ඔයාගෙ කුකී ඔයා ඉන්න ආසම තැනට වෙලා ඒ හද දිහා බලන් ඉන්නවා ...චබී..ඔයා කිව්වා හරි හදේ ඉන්න හාවත් දවසක හද දාලා යන්න යනවා ...හරියටම උඹ මාව දාලා ගියා වගේ...උඹේ කුකීව දාලා ගියා වගේ....උඹෙයි මගෙයි දරුවව දාලා ගියා වගේ...මට කියපන් චබී මගෙන් උඹට ලැබුන් නැත්තෙ මොනවද ....මගෙන් උන අඩුපාඩුව මොකක්ද චබී මට ඒක කියපන්...වෙන මොකුත් ඕන් නෑ මගෙන් පිට යන්න තරම් මං කරපු වරද මොකක්ද ...මාව අතෑරියත් මගෙ පුතාව...උඹේ පුතාව..අපෙ පුතාව අතාරින්න තරම් හිත හදාගත්තෙ කොහොමද කියපන් ..?

චබී උඹ මේ දරුවගෙ අම්මනෙ පන....ඇයි රත්තරන් උඹ අපි දෙන්නටම මේවගෙ අපරාදයක් කෙරුවෙ...මට කියපන්...මට කියපන් මං උඹට වෛර කරන්නද ...???

හැමදාම වගේ මං අදත් උන්නෙ මගෙ ගෙදර ...එයාගෙ ගෙදර අපි දෙන්නගෙම ගෙදර බැල්කනි එකේ එයා ඉන්න ආසම බෙංච් එක උඩ...තනියම නෙවෙ අපි දෙන්නගෙම ආදරේ ප්‍රතිපලේ මගෙ පපුව උඩ තියාගන..."ලියාන්"...මගෙ පුතා...එයාගෙ පුතා...අපි දෙන්නගෙම පුතා ...යන්තම් මාස තුනක් පිරුන මගෙ නොදරුවා ...මට තේරුමක් නෑ එයාව බලා ගන්න..මං කොහොමද දෙයියනෙ අම්මගෙ උනුසුම මගෙ පපුවෙන් දෙන්නෙ...??

ඈශ් ට්‍රේ එක උඩ සිගරට් කොට උතුරන්න තිබ්බා...අරක්කු වීදුරවට එහායින් මගෙ නොදරුවගෙ කිරි එක ඇල් වෙලා ගිහින් තිබුනා මාව දැන් සිය පාරක් විතර එයාගෙ චූ වලින් නෑ උනා...ඒත් මට තේරුමක් නෑ...පැම්පර්ස් එකක් වෙනුවට නැපියක් අන්දන් උන්නෙ..අන්දන් කියන්නෙ පටලවන් උන්නෙ ...එයා මගෙ පපුව උඩ හූඩි එක ඇතුලෙ ඉදන් මුනින් අතට නිදාගන උන්නා වගේම මගෙ අල්ල සයිස් චූටි ඔලුව හූඩි එකෙන් එලියට ඇවිත් තිබ්බා...

එයාට පිටිකිරි බොන්න බෑ.. එයා හොයන්නෙ අම්මා කුක්කු වෙනකොට මං මේ ගින්දර අහස උසට උහුලනවා....කිරි බෝතලේ පොවා ගන්න බැරි වෙනකොට ඇදුමක් අන්දගන්න, නාවගන්න නොතේරෙන කොට මං අසරන උනා...අන්තෙටම අසරන උනා...අන්තිම අඩියටම අසරන් උනා....

ලියාන් ..මගෙ පුතා...එයාට තිබුනෙම මගෙ චබීගේ මූන...මගෙයි කියන්න කිසිම දෙයක් තිබුන් නෑ...එයාගෙ ඇගේ දුවන ලේ විතරක් මගෙ වෙනකොට ලියාන් සම්පූරනම එයාගෙ අච්චුවක් උනා...

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now