35වන කොටස❤️💚

814 231 49
                                    

බබා පොඩ්ඩක් එන්නකො...

මම සෑහෙන වෙලාවකට පස්සෙ  එයාට මගෙ කැබින් එකට කත කෙරුවා..එයා උන්නෙ එයාගෙ කැම් එකට මූන ඔබාගන වගේම අදත් වෙනසක් නැතුවම කිකිලියො දෙන්නෙක් තුන්දෙනෙක් එයාව වටකරන් උන්නා..ඇත්තටම මට තරහවක් දැනුනෙ නෑ..මොකද එයා අපි මැරින්කෙරුවට පස්සෙ සෑහෙන්න වෙනස් උනා...හැම වෙලේම මගෙ ගැන ඕනවටත් වඩා හොයලා බැලුවා. .මගෙ පොඩි එකා ලොකු වෙලා...

කුකී...

එන්නකො බබා..

ඇයි..හදිස්සියක්ද...

නෑ...ඔයාව දැක්කමහම පොඩ්ඩක් තුරුල් කරගන ඉන්න ඕනා හිතුනා...

ආ...මල කෝලන් අප්පා...

මෙන්න මෙහෙ වරෙන් බබා බොරුව නොදා...

මම එයාව ඇදලා අරන් මගෙ කකුල් උඩ ඉන්දව ගත්තා ...

මොනවද අර කිකිලියො එක්ක කියව කියව උන්නෙ..

නෑ කුකී...ඇත්තටම අර මිනි ස්ටූඩියෝ එක...

මිනි ස්ටූඩියෝ එක කිව්වෙ අර ටික් ටොක් නටන එකද...

ඔව්...ඒක බැරිද අපිට තව ටිකක් ලොකු කරන්න...එතකොට අපිට තව දෙන්නෙක් තුන් දෙනෙක් දාගන්න පුලුවන් ..එහෙම උනාම යැංසියව ඕනෙම නෑ නෙ...

අපි කම්පැනි එක ඇතුලෙම හදපු මිනි ස්ටූඩියෝ එක දැන් දැන් මිනිස්සු අතරට යන්න පටන් අරන් තිබුනා..මුලින් මුලින් අලුත් මූනු නිසා පොඩි පොඩි අඩුන්පාඩු කම් මතු වෙන්න ගත්තා උනත් පස්සෙ පස්සෙ  අලුතෙන් එන දේවල් බාගෙට බාගයක් එයාලා ටික් ටොක් ඇප් එක හරහා  ප්‍රමෝට් කරන්න ගන්නකොට මං හිත  උන්නා හා සමානවම ඒක ටික ටික මිනිස්සු අතරට  යන්න පටන් ගත්තා ..

ම්ම්ම්ම්...ඔයා ඒක ගැනද බල බල උන්නෙ...

ඕ....ඒක තමා..මොනවා උනත්..හස්බන්ඩ් ටනුදව් කරන එක යුතුකමක් නේ..නේ කුකියො....

ආපො...ඒක ඇත්ත ඒක ඇත්ත....රෑට උදව් කරන එක තමා වඩාත්ම හොද...

මම හිමින් සීරුවෙ එයාගෙ කන් පෙත්තක් හැපුවා වගේම බලාගන ඉන්නකොට ඒ මුන රතු උනා...

චෙරි ගෙඩිය මගෙ...

කුකී...යෝ...

ඕ....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now