ආ...යිශ්...ක්..ඔක්කොම අව්ල් වෙලානෙ....මමා හිටිය නම් මෙහෙම වෙලා යන්නෙ නෑනෙ..කොහෙද ආච්චි අම්මා හැර මිට්ට ඇන ඇන එනකොට බබා හම්බේලා ඔක්කොම කරලා ඉවරයි...
අයිචෝහ් ...ඒ අස්සෙන් පාට දෙකේ මේස් දෙකක් නේද දාන් ඇවිත් තියෙන්නෙ...අව්ලක් නෑ එයාලා මේස් බලන්නෙ නෑනෙ.....ම්ම්ම්..හ්..හරි...කොන්ඩෙත් හරි....
මේ අනේ...ඔන්න ඔය බෑග් එකේ ෆ්ර්ෆියුම් එකක් ඇති අරන් දෙන්න...ඕකෙ නෙවෙ..අනිත් පොකට් එකේ අනේ. අනිකෙ..අනිකේ.....අයියෝ....අනිකේ ....හ්හ්...
ආ...හරි...තැන්කිව් අනෙ...
මේ මම ලස්සනයි නේ අනෙ...වැරද්දක් පේන්න නෑනේද...ම්ම්හ්...ඇත්තටම මේස් දෙක නම් පාට දෙකක්..එයාලා ඒක බලන එකක් නෑනෙ...කමක් නෑ එකක් තැඹිලි එකක් කහ ....බැරි වෙලේවත් දැකලා ඇහුවොත් කියනවා අද සුභ වර්නය කියලා කහයි තැඹිලි කියලා...
ඇත්තටම ආලියයි මායි උන්නෙ කරකවලා අතෑරපු ගානට...ඒකා කියව කියව ඇදුම හැදුවා වගේම මගෙ දිහාවට අත දික් කරලා බෑග් එක ඇතුලේ තිබුන ෆර්ෆියුම් එකකුත් ඉල්ලුවා ඒ බෑග් එකේ නැති දෙයක් නෑ අම්මා තාත්තා විතරයි අඩු...තනිකර පෙට්ට ගමක් වගේ...ඒ විතරක් නම් බැරියෑ මේ යක්ස කොල්ලාගෙ කන්දොස්කිරියාව මදිවට ඌ දාන් ඇවිල්ලා තිබුනෙත් පාට දෙකේ මේස් දෙකක් වෙනකොට එයා ආලියා දිහා බලලා මහම මහ පැනි හිනාවක් දාලා ලස්සනද කියලත් ඇහුවා...
ආලියා මූ පයිප්ප බාස් කෙනෙක්ද...??
ඒකා අර සිරික්කි මූන හරවනකන් ඉදලා මම ආලියගෙ කනටපාත් උනාම ඒකිත් ඒ වගේ කියල කියන්න මා දිහා බැලුවා
මම හිතන්නෙ ඒකට අපි දෙන්නගෙ අතට දීපු බඩු මූට්ටු ගන්න උවමනාවක් නැද්ද මන්දා සකබඹරේ වගේ කැර කෙනවා ඉවරෙකුත් නෑ වගේම කන්නාඩිය දිහා බලන් තනීයම කුටු කුටු ගෑවා වගේම කන බීරි කරන් යන රිගින් ටෝන් එකක් එකක් එක්ක කෝල් එකකුත් ආවා . රිගින් ටෝන් එක නම් im unstoppable උනාට මූ පරක්කුවෙලා නැකිටපු එකෙක්ද කොහෙද....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...