14වන කොටස❤️💚

882 286 62
                                    

මම එහෙම්ම පඩි පෙල උඩ ඉදගත්තා ...එයාලා යන්න යනවලු...අනෙ ඇයි ඒ...ඇයි...අනෙ මගෙ චබී..

එයාලා යනවා කියන වචනෙ මගෙ පපුවට  පුදුමාකාර බරක් එකතු කරනකොට මම ඔලුව ගරාදි වැටට හේත්තු කරගත්තා...එයා යනවා මගෙ පැටියා..මගෙ චූටි හුරතලේ...මගෙ චබී....අනේ එයා යනවද...

කුකී....කුකී...කුකි අයියේ...කුකි අයියේ...

මම උන්නෙ එයා යන සිහියෙන් වෙනකොට එයා පඩිපෙල උඩ ඉදන් උන්න මාවදැකලා මා ගාවට දුවන් ආවා..මට එයාට වැටෙයි කියලා වත් කියන්න තරම් හිතට හයියක් නැති වෙනකොට මගෙ චූටි එකා ඇවිත් මගෙ අත් වලින් ඇද්දා...

කුකි අයියෙ...කුකියෝ....එන්නකො...එන්නකො...අනේ එන්නකෝ බාසකල් පදින්න එන්නකො....

එයා මගෙ අත් දෙකෙම්ම බාසකල් පදිමු කියලා අදින කොට මම වචනයක් වත් නොකියම එයා එක්ක ඇදිලා ගියා වගේම මම මගෙ ස්කේට් බෝර්ඩ් එක දීලා එයාව ඒක උඩ හිටෙව්වා ..

කුකි අයියේ..චබි පුතාට පයිස්සමින් කීලා කියන්නෙ නෑද අයියො අද.. පයිස්සමින් කියන්නෙ නෑද  

ප..රි..ස්.සමි..න් චබී...

එයාට මම පරිස්සමින් කියන වචනෙ හැමදාම කියනකොට ඒ හැම වචනයක්ම මගෙ කටින් එලියට පනින්නෙ නැති වෙනකොට එයාම ඒක අද මතක් කෙරුවා...

චබී...කුකි අයියව දාලා යනවද.....

නෑනෙ...චබි යන්නෙ නෑනෙ..

එයාට ඒ ගැන කිසිම ගානක් තේරුමක් නැති වෙනකොට එයා හිනා වෙවි කෑ ගගහා මගෙ කකුලෙ එල්ලීගන ස්කේර්ට් බෝර්ඩ් එක පදින කොට එයාගෙ හුරතල් හිනාව ඒ චූටි මූන හිනා වෙලා වැඩි කමට සෙවල පෙරෙන චූටි කට මාව අල්ලන් ඉන්න චූටිම චූටි අත් දෙක මේ හැම දේම මම මහ ලෝභ කමකින් බලන් උන්නා..අනේ එයා මගෙම උනා නම්...මගෙම මල්ලි උනා නම්...එයා කවදාවත් මගෙන් ඈතට නොයා ඉන්න ගියා ..හිමි වෙන දේකට වඩා අහිමි වෙන දේක වටිනාකම කොයි තරම්ද කියන්න මම මේ තත්පර ගාන ඇතුලත ඕනවටත් වඩා ඉගන ගන්නකොට එයා තව පැය ගානකින් මගෙන් ඈතට යන්න යනවා කියන සිතුවිල්ල මාව අඩපන කෙරුවා

මගෙ චබී..මගෙ මල්ලි..මගෙ පැටියා....අංකල් බාසකල් පදින්න එනාද ගගා ගේට්ටුවෙ එල්ලිලා උන්න මගෙ වස්තුව   එයා එයාගෙ අයියව දාලා යනවා කියන එක මගෙ පපුව ඇතුලටම කිදා බහිනකොට මගෙ චූටි මල්ලිට මේ කිසි දෙයක් ගානක් නැතිව ගියා වගේම එයා තවමත් එයාගෙම ලෝකෙක කෑ ගගහා උන්නා  ..

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now