ජෝ චුච්චක් දෙන්න කියපු එයා මගෙ ඉස්සරහට ඇවිත් හිටගත්තා ...එතකොට මං දැන් එයාව වඩාගන්න ඕනෙද....??
මං එහෙම්මම මගෙ ස්කේට් බෝර්ඩ් එක එක අතකට අරන් අනිත් අතින් එයාව වඩගත්තා,එයා බර කියන නාමයක් නැති වෙනකොට අර පොඩි ස්කේට් බෝර්ඩ් එක මම කකුලෙන් තල්ලු කරන් ගිහින් දෙකම ගේ ඉස්සරහින් දාලා ගේ අස්සට ආවා වගේම දැන් එයා උන්නෙ මගෙ අත් දෙක උඩ වගේම එයාට බහින්න උවමනාවකුත් නැත්ද කොහෙද ..
ඇල් ජෝ බොන්නෙ නැතුව අපි උනු ඒවා බොමු හාද ...
ඇයි ඒ...
එහෙම තමා....
එපා...
ආ...එපා කියලා කොහොමද
උනු ජෝ කට දනවා
නෑ නෑ කට දන්නෙ නෑ හිමින් බොන්න..
එතෝට කට දන්නෙ නෑද...
නෑ...එතකොට කට දන්නෙ නෑ...
එයා ගෙදර මොන වතුරද බොන්නෙ කියලා දන්නෙ නැති මං එයාට උනුවතුර දෙන්න ඇහුවම ඒවට එයාට කට දනවා කිව්වා...ඇත්තටම රස්නෙ හින්දා කට පිච්චෙනවා කියනඑකට ද කොහෙද කට දනවා කියන්නෙ ..මේ අප්රභංශ භාසාවට මගෙ ඔලුවත් විකල් වේගන එනකොට මං එයාට ෆිල්ටර් එකෙන් උනුවතුර චුට්ටකට ඇල් වතුර චුට්ටක් හාමු කරලා කෝපපෙ අතට දුන්නත් එයා අල්ලගන්නෙ නැතුව කට අරිනකොට මං අවසානෙදි එයාට වඩාගනම වතුර පෙව්වා ..මදැයි ....මං හිතන්නෙ මං දැම්මම ළමයි බලන්න පුරුදු වෙනවද කොහෙද
ඇතිද තව ඕනෙද ..
ම්හ්...ක් එපා...ඇති....
හා එහෙනම් බහින්න දැන්...
අනේ....චුච්චක් ඉන්නකො ..කකුල් සිදෙනානෙ...
කකුල් සිදෙනවා නම් ඉදගන්න...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...