19වන කොටස❤️💚 (bonus )

1K 290 79
                                    

චබී....ඒ ඉන්නෙ මගෙ චබීද  .....මගෙ මල්ලි පැටියා???

මං ආලියා දිහා බැලුවා ...

ආ ....ලි...යා...මේ...මේක...මේ සීවී එක...

මිස්ටර්  යීබො....මිස්ටර්  යීබෝ...

ආලියා මං යනවා ....

මං සිවි එකත් මිට මොලවන් ආලියවත්  දාලා අනිත් අතට දුවන් ආවා ..මං කොයි තරම් කලබල වෙලාද කියනවා නම් මට එලිවේටර්  එකේ දොර වත් ඇරෙන කන් ඉන්න බැරි උනා වගේම  එලිවේටර්  එක ඇතුලෙදි ලූකස්ට සියපාරක්  කෝල් කෙරුවා වගේම  ටැක්සියක්  වත් එනකන් වත් ඉන්න තරම්  ඉවසීමක් නැති මන්  ඉස්සරහට  ආව බස් එකට නැග්ගා වගේම  කිව්වට විස්වාස කරන්න මට එක විදිහකට හිටගන වත් ඉන්න බැරි උනා...

අනෙ දෙවියනෙ ඒ ඇවිත් ඉන්නෙ මගෙ චබීනෙ....අනෙ මගෙ මල්ලි පැටියා ....

මං පුලුවන්  තරම් මගෙ මහපට ඇගිල්ලෙ  නියපොත්ත  හැපුවා ...මට එක පුරුද්දක් තිබුනා කලබල උනහම ඉවසීම නැති උනහම නියපොතු හපන පුරුද්දක් ...ඇත්තටම මාව ව්‍යාකූල උනහම මට ඉබේටම නියපොතු හැපෙනවා වගේම  මගෙ මගපට ඇගිල්ලෙ නියමල කවදාවත්  තිබුනෙම නෑ මං කාලම....

අනෙ එයා  හොදින් ඇති නේද ??ලූකස් කොච්චර  එයා හොදින් කියලා  කිව්වා උනත්  මට එයාව මගෙ ඇස් දෙකෙන් දකින තාක් කල් ඒ වචන විශ්වාස  කරන්න හිත හදා ගන්න බැරි වෙනකොට  බස් එකෙන් බැහැපු මම අවසිහියෙන් වගේ මහ පාර පැන්නා වගේම  තව ටිකකින් හැප්පෙනවා ...

ලූකස්...ලූ.....ක....ස්...

මට හති....මං එක පිම්මට දුවන්  ඇවිල්ලම හති වෙනකොට  මං ලූකස්  කියලා එක අතක් බිත්තියට  වගේම  අනිත් අත   කොන්දට තියන් නැවුනා වගේම   ඊලග තත්පරේදි ආයම ලූකස් දිහා  බැලුවා 

මගෙ චබී කෝ...

ස්ස්...සර්....??

ආ..හ්...ඒ ළමයා කෝ ...

හදිස්සිය වැඩි කමට මන් නම වත් නොකියම අහලා තිබුනෙ මගෙ චබී කෝ කියලා  වෙනකොට ලූකස් උඩ බිම බැලුවා වගේම  මං ආයම එයා කෝ කියලා  අහනකොට එයා මාව එතනට එක්කන් ගියා ...

ඔයා යන්න...ඔයා යන්න මෙන්න සල්ලි ටැක්සි එකක් අරන් ඔයා යන්න ලූකස් මං මෙයා ගාව ඉන්නම්...hr එකට කියන්න ආලියට ට්‍රාන්ස්පෝට්  දෙන්න කියලා  හරිනේ..

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now