චූටි පුතා ....පපාගෙ චූටි වස්තුව කුක්කු බොන්නෙ නැද්ද ...අපි කුක්කු බී.....ලා...ජෝ...නා....ලා...දොයියමු හාද ...ම්ම්ම්....ඔයාගෙ කොන්ඩෙත් වැවිලා ලියාන්...පපාට ඔයාගෙ කොන්ඩෙ කපන්න එක්ක යන්නවත් සිහියක් නෑ පුතෙ..
මන් තවත් සීතලේ ඉන්නෙ නැතිව ඇල් වෙච්ච කිරි බෝතලෙත් අරන් ඇතුලට ඇවිත් ඒක වෙනුවට අලුත් කිරි එකක් හදලා එයාවත් හරහට අරන් මං අපේ ලොකු ඇද උඩ ඉදගත්තා ...ලියාන්ව මං අල්ලන් උන්නෙ හරහට වෙනෙකොට නොතේරුම් කමට එයා කට ඇරන් මගෙ පපුව දිහාවට හැරෙනකොට මං කිරි බෝතලේ මගෙ හූඩි එක ඇතුලට දාන් සූප්පුව විතරක් එලියට දැම්මා...දැන් එයා හිතන් ඉන්නෙ අම්මා කුක්කු බොනවා කියලා වෙනකොට එයා මගෙ මූන දිහාබලාගන එක අතක් මගෙ පපුව උඩට තියාගත්තා ....
මම වෙන මොනවා කරන්නද පන...පපාට කරන්න ඕන දේ මොකක්ද කියලා වත් හිතාගන්න බෑ...මගෙ පුතා ඉක්මනට ලොකු වෙන්න රත්තරන් ...
මං එයාව මගෙ ඇගට තුරුල් කරන් දෙපැත්තට වැනෙන ගමන් කිරි බෝතලේ පොවාගන බාතෲම් එකට අරන් ගිහින් සින්ක් එක හෝදලා වතුර බහින සිදුරට රබර් ඩප්පිය ගහලා උනුවතුර එකක් ඇරියා .මට ලොකු බේසමේ දාලා ලමයව හෝදගන්න තේරෙන්නෙ නෑ වගේම මට අල්ලගන්න බෑ ලෙස්සනවා නිසාම මං කරන්නෙ සින්ක් එක හොදට හෝදලා සින්ක් එකට වතුර පුරවන් එක අතකින් හයියෙන් අල්ලන් හෝදවන එක ...
හ....රී.....ඔන්න...ඔන්න..බලන්න...මේ .ව..ලන්නකෝ..මගෙ..පුතාගෙ....චූ....චි තාරාවා...මේ...
වතුර උඩ පාවෙන රබර් තාරවෙක් පෙන්න පෙන්න මං එයාව හෝදවලා එකම එක වතුර බිංදුවක් වත් හිටින් නැතිව යන්න පිහ දාලා පැම්පර්ස් එක අන්දවලා එයාගෙ කහපාට චූටි පිජාමා සූට් එක අන්දවලා වටේටම කොට්ට වටකරලා මං බාතෲම් එකට ඇවිත් දොරත් ඇරන් නාන්න පටන් ගත්තා ..
එයා මාව මගෙ පුතාව රැවැට්ටුවා ...එයා මට දෙන්න පුලුවන් ලොකුම වේදනාව දීලා පැනලා ගියා ....අනේ මට කියන්න අම්මා කෙනෙක්ට පුලුවන්ද තමන්ගෙ දරුවව අතාරින්න...අමතක කරන්න....?? බෑනේද ...එහෙනම් දෙයියනෙ එයා කොහොමද එච්චර කුරීරු උනේ...එයා මොන හිතකින්ද අපි දෙන්නව අතෑරියෙ ...මගින් නවතින්න නම් ඇයි මගෙ ගාවට ලං උනේ...මේ මුද්ද ..මේක බොරුවක් ද...නෑ..නෑ...ඒක බොරුවක් වෙන්න බෑ....චබී...උඹට මොන තරම් ගල් හිතක්ද චබී තියෙන්නෙ ...මට කියපන්...පැය විසි හතරමෙ කුකී කුකී ගාන් මගෙ පස්ස පාරෙම ආව උඹ මොන හිතකින්ද මට මේ වගේ වංචාවක් මේ වගේ රැවටීමක් කෙරුවෙ ....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...