කුකි අයියෙ...
ම්ම්ම්ම්...කියන්න බබා..
අපි මේ කලර්ස් දෙක අදිමුද....නැතිනම්....එක වගෙ අදිමුද ...
ඔයා ආස කොහොමද ....
මං ආස කලර්ස් දෙකකින් අදින්න...එහෙම අදිමු?
හා...මේ අහන්නකො...ඔයාට ඕන විදිහට අපි මේක කරමු එතකොට මගෙ හිතටත් හොදයිනෙ..
ඇයි ඒ...අනෙ ඉතින් මේක අපි දෙන්නගෙම වෙඩින්ග් එකනෙ...
ඒ උනාට ඉතින් අපි දෙන්නම එකයිනෙ බබා...ඔයා ආස විදිහට අපි හැම දේම කරමු...අනික ඉන්නෙත් අපි හය දෙනයි ආලියයි විතරනෙ...
ආලියත් අපි එක්ක යනවද ...
ඔව්....ඇයි ඔයා එයාට කැමති නැද්ද ..
අනෙ නෑ...එයා හරි හොදයිනෙ කුකි ....
ම්ම්ම්...එයා ඉස්සරත් ඔයාට ආදරෙයි තමයි...ඔයාට අර ඇන්ජියද මොකාවද ඕනෙ නම් එක්ක යමු...
කුකි...පන
ම්ම්ම්..
ඇත්තටම ඇයි ආලියට කවුරුත් නැත්තෙ ...
මං නිසා...
ක්ක්..කුකි.....???
එහෙම දෙයක් නෙවෙ බබා...මං අද ඒකට හරියට පසු තැවෙනවා චබී...මම එයාව හිරකරන් උන්න වැඩිද කියලා හිතෙනවා චබි...පොඩි කාලෙ ඉදන් අපි දෙන්නම එකට...එයා එක්ක මං නොගියපු තැනක් නෑ...හුගාක් අය හිතුවෙ මම එයාගෙ බෝයි කියලා ..එතනින් එයාට කෙනෙක් හොයා ගන්න බැරි උනා...අවංකවම මට ඒ හේතුව නිසා ආලියගෙන් ඈත්වෙන්න ඕන උනත් ඔයත් පොඩි කාලෙ ගියාට පස්සෙ මං තවත් ආලියට ලං උනා...
චබි...කවදාවත් ආලියව වැරදියට තේරුම් ගන්න එපා බබා...එයා කියන්නෙ මට මගෙම සහෝදරියක් වගෙ...ඇත්තටම එයාට කෙනෙක් හොයා ගන්න බැරි එකට එකම හේතුව මම..මෙතනට ආවත් ආලියා අරක කරන්න මේක කරන්න..අරක කෝ මේක කෝ...කටෙ තියෙන්නෙම එයාගෙ නම...වැඩ ඉවර උනත් මං එක්ක යනවා ..සැලෝන් එකට පවා මමම එක්කන් ගිහින් ඒකිට ඕන දේ නැතිව මම මට ඕන දේ කරන කොට මම එයාගෙ ජීව්තේ හිර කෙරුවා වගේ උනා චබි...මං අවංකවම ඒ ගැන දැන් පසු තැවෙනවා චබී...
එයාට අපිට කාවවත් හොයලා දෙන්න බැරි වෙයිද කුකි අයියෙ ...
ඒක එහෙම කිව්වට බෑ බබා..මං එදත් ඔයාට කිව්වෙ චබී...අවංක ආදරයක් වගේම අවංක යාලුවෙක් කියන්නෙ මේලෝකෙ හොයන්න අමාරුම දේවල් කියලා ...මට අවංක යාලුවෙක් වගේම අවංක ආදරයක් දෙකම හම්බුනා ඒත් එයාට...එයාට මං ඇරෙන්න ආදරයක් හම්බ උනේ නෑ බබා....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...