04වන කොටස❤️💚

1.2K 320 68
                                    

අංකල් ????

අංකල් කියන කටහඩත් එක්ක මම හැරිලා බැලුවා අර බටු ඇටෙර්  එයා සයිකල් එක උඩ ඉදගන කකුල් දෙක පැඩල් වලින් අයින් කරන් එල්ලන් උන්නා..ඇත්තටම ගයිඩ් වීල් දෙක තිබුන් නැත්තන් මේ කොල්ලව වැටෙනව මොකද ශීට් එකේ ඉදගත්තම කකුල් ගහන්නවත් කකුල දිග නෑ ඒතරම් පොඩි එකෙක්...එක අතකට ඒකා මට අංකල් කියන එකත් සාදාරනයි කියලා හිතුනා ..

චූටි පුතා අංකල් නෙවෙ අයියා...අයියා කියන්න...එයා අංකල් නෙවෙ...

එයාගෙ තාත්තා මා දිහා බලන් හිනා වෙන ගමන් එයාට එහෙම කියනකොට එයා තාත්තා දිහා බැලුවා

එයා හුගක් ලොකුයිනෙ....

ඔව් ඉතින් ඒ අයියා ලොකුයි තමයි ඒක තමා ඔයාටත් කියන්නෙ හොදට කන්න කියලා නැත්තම් හැමදාම ඔහොම ඉන්න වෙයි...

මට පේන්නේ ඒකා කන්නෙ නෑ වගේ එයාගෙ තාත්තා කියනවා හොදට කන්නලු  ..එයා ඔලුව කසන ගමන් මා දිහා බලලා හිනා උනා..අයියෝ...මේකා හිනා වෙනකොට හරි හුරතල් පාටයිනෙ...ඉන්න පාට් එක අනුව පැම්පර්ස් අන්දවලා අම්මා කුක්කු බොන එකත් සාදාරනයි කියලා හිතෙනව මොකද කොල්ලා ඒ තරම් පොඩියි...

හූ..හූ..මේ....ඔයත් එනාද...

කොහෙද

බාසකල් පදින්න...

මම කල්පනා කර කර ඉන්නකොට එයා මට හූ හූ කියලා කතා කරලා බාසකල් පදින්න එනවද අහනකොට මං හිනා උනා ...

දැන් අව්වයිනෙ...අයියා හවස එයි...අපි ගෙදර යමු අම්මා බලන් ඇති කෝ ඕක හරවගන්න...

මං උත්තරයක් දෙන්න කලිම්ම එයගෙ තාත්තා එයාට ගෙදර යමු කියනකොට එයා සයිකල් එකේ පැඩල් එක ඩම දාලා පැගුවත් ඉස්සරහට ගියෙ නැති හින්දා එයගෙ තාත්තා පිටිපස්සෙන් චුට්ටක් තල්ලු කරනකොට එයාහරී අමාරුවෙන් අර ලොකු හැඩල් එක හරවගන මා දිහා බැලුවා ..

....හවසට එනාද   ඒනම්..

හා.. හවසට එන්නම්..

ටටා.. 

ටටා....

එයා මගෙන් හවසට එනවද අහනකොට මං හා කිව්වා..ඒත් මට හවසට බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ...එයා යන්න ගියා ඇත්තටම කොල්ලා පදිනවට වඩා කෙරුවෙ තාත්තා තල්ලු කරන් යන එක අවසානෙදි ගේ ගාවදි තාත්තා එයාව එක අතකින් වඩාගන අනිත් අතින් සයිකල් හැඩල් එකෙන් ඇදන් ගියා..මිනිහට පදින්න බෑ කිව්වා වගේ...

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now