ඇත්තටම දොර මුල්ලෙ උන්න එයාව දැක්ක.මට කෑ ගැස්සුනා...මහ හයියෙම්ම..
චූටි පුතා....!!
අනේ...ජාන්..ජාන්...බබී...මල්ලි බබා...ඇස් අරින්න...ඇස් අරින්න..අනේ වස්තුව ඇයි මේ....අයියව බය කරන්න එපා ජාන්...අනෙ පන...
එයා උන්නෙ මගෙ කාමරේ දොර මුල්ලෙ වෙනකොට එයාගෙ මුලු ඇගම රතු වෙලා වගේම පලු දාලා තිබුනා වගේම ළමයා හුස්ම ගන්නෙත් නෑ වගෙ දැනෙන කොට මගෙ ඉහ මොල රත් උනා...හොදට උන්න කොල්ලට මොකද මේ එක පාර උනේ...
ජාන්...අනේ වස්තුව ...අනේ ජාන්..බබා නැකිටපන්කො රත්තරන්...
මං එයාව වඩාගන කම්මුල් වලට ගහන ගමන් පහලට දිව්ව් වගේම මේස උඩ තිබුන වොලට් එකත් අරන් දොර වත් වහන්නෙ නැතිව එලියට දිව්වා .
ටැක්සියක්..ටැක්සියක්...අනේ..ටැක්සියක්...ටැක්සියක්....
මට හදිස්සියට ටැක්සි නම්බර් එකක් වත් මතක නැතිවෙනකොට ගරාජ් එකේ තිබුන අම්මගෙ කාර් එක ඇස් වලට අහු උනා..පදින්න දන්නවා උනාට ලයිශන් නෑ...පදින්න දන්නවා කිව්වට මට කවා පපා මහපාරෙ ඩ්‍රයිව් කරන්න දීලත් නෑ.. ඒත්..එත් මම මොකද කරන්නෙ..ලමයගෙ අතපය බෙලි ඔක්කොම කඩා වැටිලා වගේන ඒ ඇහි පිහාටු පවා ඉදිමිලා කොල්ලව ඉදිමිලා තිබුනා. ...
කරන්න දෙයක් නෑ..කාර් එක හැපුනත් කමක් නෑ මට මෙවෙලේ ඕන එක දෙයයි...මාව හිරේ ගියත් කමක් නැ...මට බෑ...මට බෑ එයාව මෙහෙම තියන් ඉන්න...
මම ආයම ගෙට දිව්වා ..යතුර...යතුර...කෝ...යතුර...අනේ යතුර.....මොන මගුලෙද යකො මෙ යතුර තියෙන්නෙ මට බයටද කොහෙද යතුර හම්බ උනේ නැති කොට තරහටම මම සාලෙ තිබුන පෝසිලේන් වාස් එකට පයින් ගැහුවා .....
යතුර නෑ යතුර අරන් ගිහින්....
ජා..න්..ජාන්...අනේ රත්තරන් ඇස් ඇරපන්කො පුතේ අයියව බය කරන්න එපා ජාන්..
මම මාරම විදිහට බය වෙල වගේම අසරන වෙලා උන්නා වගේම මහ දොරත් දඩාන් ගාලා වහන ගමන් මම ලමයව මගෙ පපුවට තුරුල්.කරන් පාර දිගේම දිව්වා...
අනේ දෙවියනේ. ටැකිසියක්....ටැක්සියක්...
මම මග දිගටම හම්බෙන හැම වාහනේටම අත දැම්මත් එක බල්ලෙක් වත් නැවැත්තුවෙ නැති කොට මම එයාව මගෙ ඇගට තද කරන් හුස්මක් වත් නොගෙනම දිව්වා ...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...