එන්න චබී යමු ..ඔන්න ඔයාම ඔයාගේ ඇස් වලින් බලාගන්නකො කෙල්ලව ...
මං එයාවත් අතින් අල්ලන් පහලට ගියා වගේම මං අවසාන පඩිය බහිනවා එක්කම යැංසි ඇවිත් මගෙ ඇගට තුරුල් වෙනකොට මං චබී දිහා බැලුවා වගේම එයා අහක බලා ගත්තා ..කොල්ලට ලැජ්ජා හිතුනද මන්දා . ..
බේබි...දැන්ද ආවෙ...
හ්ම්ම්...ආවා විතරයි ....අයින් වෙන්න මං වොශ් එකක් වත් දැම්මෙ නෑ ලමයො තවම...
මං යැංසිට සැර නොකර මගෙ ඇගෙන් අයින් කෙරුවා ....මොකද මට ආව ගමන් බොරූවට එල්ලෙන්න තරම් උවමනාවක් කොහෙත්ම නැතිකොට යැංසි හිනා වෙන ගමන් මගෙ ඇගෙ එල්ලිලා උන්නා වගේම මගෙ අත අත ඇරපු චබී ගිහින් අම්මා ගාවින් වාඩි උනා...
බේබි....
ම්ම්ම්...
එයා කව්ද ....
මගෙ මල්ලි....
මං දැකලා නෑනෙ...
ම්ම්ම්....
පොඩි එකා හැන්ඩියා නේ...
මගෙනෙ ඉතින්...කෝ අයින් වෙන්න ....
මං හරි යාප්පුවෙන් යැංසිගෙ අත් දෙක මගෙ ඇගෙන් ගලවගත්තා ...ඇත්තටම මං තවමත් යැංසිව හරියටම බෙල්ල මුලට තද කරන්න පටන් ගත්තෙ නැති නිසා අවසාන වතාවට මගෙ ඇගට තුරුල් වෙලා ඉන්න මං ඉඩ ඇරියා උනත් මගෙ අත් වලින් මං එයාව අතෑරලා තිබුනා...ඇත්තටම ඒකෙ තේරුම මං මෙ සම්බන්දෙ අතෑරලා ඉවරයි කියන එක විතරක් ම වෙනකොට එයාම මාව මේසෙ ගාවට එක්ක ගිහින් එයා ගාවින් ම වාඩි කරව ගත්තා ...
චබී එන්න අයියා ගාවට ....
මං යැංසි මොනවා හරි අහන්න හදනකොටම එයාව මගෙ ගාව ඉන්දවගන මමම අවුල් කරපු කොන්ඩෙ හදලා එයාගෙ කන ගාවට පහත් උනා...
මේ උරචක්‍රමාලෙ මට හරි යන්නෙ නෑනෙ...
ඒක තමා....
එයා මං දිහා බලන් හිනා වෙනකොට මං එයා දිහා බලන් හිනා උනා ...
ඉතින් මිස්ටර් වන්ග්...අපි හිතන් ඉන්නෙ මේ දෙන්නගෙ වෙඩින් එකට ඩේට් එකක් ෆික්ස් කර ගත්තොත් හොදයි කියලා එහෙම නේද යීබෝ පුතා ..
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...