17වන කොටස❤️💚

903 283 84
                                    

ඒ හැම කෙල්ලම යන්න ගියාට පස්සෙ මමයි මේ කපටි අන්දරෙයි විතරක් ඉතුරු උනා වගේම එයත් ගිහින් කෝපි එකක් හදා ගත්තා ...

ඔයා මොන ඩිපාර්ට්මන්ට් එකේද අනෙ ඉන්නෙ...

එකවුන්ට්ස්...

ඕ....එතකොට ඔය එකවුන්ටන් කෙනෙක්....හරියට අපේ පපා වගේම...

ඇයි පපා එකවුන්ටන් කෙනෙක්ද...

ඔව් අනේ...ඒ නිසාමද කොහෙද එයාගෙන් සතයක් හොලවනවා කියන එක කොයිවගේද කියනවා නම්...ගහෙන් වැටුන මිනිහට දේවාලෙ කඩන් වැටිලා ගොනා ඇනපු දේවාලේ...අනේ මන්දා ඔහොම මොකක්ද කියනවනේ...අනේ මන්දා අනේ...පපාගෙන් සතයක් ගන්නව කියන්නෙ කාගෙන්ද පිහාටු ගන්නවා වගේ...

ඇයි.පපා සල්ලි දෙන්නෙ නැද්ද..

ම්ම්ම්හ්...නෑ.කියන්නත් බෑ නෙ...දෙනවා..දැන්.මෙහෙමනෙ.අනේ...එන්නකො මෙතනට..

මං හිතන්නෙ පයිප්ප බාස්ට වැඩ නැද්ද කොහෙද මෙතන කෙල්ලො අස්සෙත් හුරතල් වෙලා වෙලා මා එක්කත් කතාව දාන්න අයිස් ගහන හොර ඇම්බැට්ටයෙක්ද කොහෙද පෙනේද මුගෙ හොර මූන...මම එයාට එහා පැත්තෙන් ඉදගත්තා ..බලමුකො බලන්න පයිප්ප බාස්ගෙ අවනඩුව....

කියන්නත් මොකක්ද වගේ....මේකනෙ අනෙ...ඔන්න මම දැන් උදේට කීයක් හරි ඉල්ලගන්නවා...ඔයාට බිස්කට් එකක් දෙන්නද...

එයා කතාව අතර මගදි මගෙන් බිස්කට් එකක් දෙන්නද ඇහුවා උනත් මිනිහගෙ අතේ බිස්කට් තිබුන් නෑ වගේම බිස්කට් වලට එච්චර පන්නන්නෙ නැති නිසා මම එපා කිව්වම එයා සාක්කුවට අත දාලා බිස්කට් පැකට් එකක් ගත්තා ..පයිප්ප බාස් ඇවිදින කැන්ටිමක්ද කොහෙද මං බලාගන එහා සාක්කුවත් පිම්බිලා තිබුනා වගේම එය එලියට ගත්තු බිස්කට් එක ඕරියෝ බිස්කට් උනා...

ඇත්තටම ඔයාට එපාමද අනේ...මේවා රසයි...ඕ...රි....යෝ....

එයා බිස්කට් එකක් හරව හරව කියවන ගමන් ඒ ක්‍රීම් බිස්කට් එක දෙකට ගැලෙව්වා වගේම මම බලන් ඉන්නකොට අර ක්‍රීම් තියන පැත්ත එයාගෙ දත් වලින් ලෑටි ගෑවා...එතකොටයි මම දැක්කෙ පයිප්ප බාස්ට තිබුනෙ හා දත් දෙකක්  ...හොර බනියෙක්...දැන් මම බලන් ඉන්නවා.ඒත් මිනිහා මාව පැත්තක දාලා අර බිස්කට් එක ලෑටි ගෑවා වගේම අවසානෙදි මාව මතක් උනාද කොහෙද මන් දිහා බලලා විරිත්තුවා වගේම නහය මැදම බිස්කට් ක්‍රීම් වැදිලා තිබ්බා..

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now