මොකක්...හිස් කොලයක් ...මම එයාට දීලා තියෙන්නෙ හිස් කොලයල්ද එතකොට ....
ආ...හ්...ස්..සොරි මම වැරදි ෆයිල් එක ගෙනත් තියෙන්නෙ
ඒකනෙ අනේ...මාත් බලනවා....පිස්සු කොල්ලා...
මොකක් පිස්සු කොල්ලා...එයා මහ කෝලමක් වගේ මගෙ අතට එයාගෙ උරහිසෙන් ගහන ගමන් පිස්සු කොල්ලා කිව්වා වගේම ඒක ඇහුන අනිත් උන් එයා දිහා බලලා නලලට අත ගහගන්නකොට මම රැව්වා....නෑ..නෑ..අපි එයාට මේ විදිහටම ඉන්න දෙමුකො....
මම පස්සෙ ගෙනත් දෙන්නම්...
හා...එහෙනම්...
එයා ආයමත් හිනා වෙලා අර කෙල්ලො ටික ගාවට යනකොට කිකිලියො ටික ඔක්කොම කුකුලා දිහාත් බලලා මා දිහා බලනකොට මම පොඩ්ඩක් ඇස් හීනි කෙරුවා...ඒකා කුකුලා උනාට කරමල තියෙන්නෙ මා ගාව...කුකුල් පැටියා ...කුකුල් පැටියා නෙවෙ කපටි අන්දරේ ...
මම එන්න ආවා...මගෙ ඔලුවෙ තිබුනෙම ටික් ටොක් නටන එක ගැන වෙනකොට මම ඒ ඇප් එක බාගන ඒකෙ තිබුන විජ්ජුම්බර දිහා බැලුවා...
මට දාගන්න නමක් තිබුනෙත් නැති නිසා මම ඔහේ කුකි කියලම දාගන උඩට පහලට ගියා වගේම අහම්බයක්...ඒක හරිම පුදුමාකාර අහම්බෙකින් පයිප්ප බාස්ගෙ එකක් හම්බ උනා...
මේ කොල්ලා ටික් ටොක් නටනවද එතකොට ...මට දැන් හිනාත් එක්ක මේකගෙ මේ දාන කෝලම් වලට...ඕහ්...මේ කමෙන්ට් හිටන් තියනවා බලමු.බලන්න මොනවද තියෙන්නෙ...baby bunny ....bunny sweety ...little bunny මේකට හැම කමෙන්ට් එකක් තිබ්බෙම කෙල්ලෙක්ගෙන් වගේම ඒ හැම කමෙන්ට් එකම තිබුනේ බනී බනී..බනී බනී විතරක්ම වෙනකොට මම බලන් ඉද්දි එකියක් දැම්මා කියුටි බනී කියලා...මේ අන්දරෙත් ඒවට තැන්කිව් ගගා රිප්ලයිත් කරලා පෙනේද....ඉන්නෙ නම් කොහොමද ....නෑ ඉතින් මෙතනත් කිකිලියො වට කරන්නෙ නෙ ඉන්නෙ ...අර පේන්නෙ නැද්ද...කියුටි බනී....මං ඒ කමෙන්ට් එක දිහා බලලා ආයම එයා දිහා බැලුවා ...කියුට්....කියුට්....ඇත්තටම කියුටි ද.....කියුට් නම් තමයි....මං එයාගෙ එකවුන්ට් එක පුරාම එහා මෙහා ගියා..කොල්ලා දාල තිබුනෙම ඔය චූටි චූටි විකාර වෙනකොට අවංකවම මට පිලිගන්න උනා පයිප්ප බාස් කියුට් කියලා . ..
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...