චබී....
මම එයාට කතා කරනකොට එයා පහලට.දුවලත් ඉවර වෙනකොට ඉනේ තිබුන බෙල්ට් එක ගලවලා ඇද උඩට දාන ගමන් උදේ ඉද යට කරන් උන්න ශර්ට් එකත් උඩට දාගන අත් කෙරවලේ වගේම කොලර් එක ගාවට වෙනකන් දාන් උන්න.බට්න් ටික ගලවන් මම පහලට ගියා....
එයා ඒ වෙනකොටත් අම්මා ගාව ඉදන් එයාට කෑම බෙදලා දෙනකන් බලන් උන්නා...
මමා..මොනවද ඔය කොල්ලට දාන්නෙ....
අනේ..අනේ...බත් එපා...බත් එපා...
එපා මමා...වෙන මොකුත් බෙදන්න එපා...හමගනවා අද...දවලුත් කෑවෙ නෑනෙ...
අනේ පිතා එයාටකන්න දෙන්න අනෙ...
එපා..එපා..මමා මේකා එහෙදිත් කන්නෙ කඩචෝරු ඕන් නෑ...
කුකි අයි...
කාපිය බත් ඔලුව පලන්න කලින්...
අම්මා එයාගෙ පිගාන.පිරෙන්නම.බැදපු අල වගේම චීස් කට්ලට් බෙදලා තියන කොට මම ඒ ප්ලේට් එක අයින් කෙරුවා ....එයා අඩන්න ඔන්න මෙන්න තියන මූනක් හදාගන අම්මා දිහා බලනකොට මම අම්මට රවන ගමන් අත් දෙක හෝද ඇවිත් ප්ලේට් එකක් අරන් ඇවිත් ඒකට බත් හැන්දක් බෙදාගන ක්‍රීම් කරපු ග්‍රීන් පීස් එක්ක බටර් දාලා හදපු චිකන් බෙදාගන එයාව මගෙ පැත්තට හරව ගත්තා ...
මම කවන්නම්...
ම්ම්ම්හුක්...
මොකද ම්හුක්...ම්හුක් ගාන්නෙ...මොකද චබී ඔයා ඔච්චර බත් කන්න හොර...
ආස නෑනෙ...
ආස නෑ කියලා බෑනෙ බබා...කන්න මේ වයසට කන දේවල් තමා ඇගට අල්ලන්නෙ..කෝ හොද ලමයනෙ ආ ගාන්න...
ඇත්තටම ඇයි පුතා ඔයා යැංසිට අකමැති...ඔයාට කවුරු හරී ඉන්නවද...කියන්න දරුවො...මේක අපේ ඔලුවට හරි බරක්...
චබී ආ ගන්න ...
මම සද්ද නොකර එයාට කවන්න ගත්තා වගේම කන්න බෑ.කිය.කිය හිටපු එයත් කවන කවන එකට කට ඇරියා...
පුතා....
හේතුවද....එක හේතුවක් නෑ...හේතු ගොඩක් තියනවා...කොටිම්ම මම ආස කරන නිදහස ඒ ජීවිතේ යැංසි ගාව නෑ මමා...කෙල්ලෙක් ලස්සන වෙන්න ඕනා...හැබැයි ලස්සන කියන එක අනිවාර්යය නෑ....ඇත්ත අපිට බලපු බැල්මටකාගෙ වත් හදවතක් පේන්නෙ නෑ...අපි හැමෝම බලන්නෙ බාහිර ස්වරූපෙ...පස්සෙ පස්සෙ තමා අපි හැමෝටම කෙනෙක්ගෙ ඇතුලාන්තේ පේන්නෙ...ඒත් මමා...දෙන්නෙක්ට එක තැනක ජීවත් වෙන්න ලස්සන විතරක් තිබිලා මදි...මදි කියන්නෙ මට නම් හොදටම මදි...එයාට ඕනෙ තනිකරම ආතල් ජීවිතයක්...එයාගෙ මුලු ජීවිතේම තියෙන්නෙ ස්ටේජ් එකක් උඩ....ක්ලබ් එකක් ඇතුලෙ..එයාට එයා වෙන්න වත් වෙලාවක් නෑ...එයා කොටු වෙලා....ඇත්තටම මොඩල් කෙනෙක්ට සාමාන්‍ය ජීවිතයක් ඇත්තෙම නැද්ද....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...