46වන කොටස❤️💚

825 233 76
                                    

කලබල වෙලා දුවන ඒ දෙන්නා මං විතරක්  නෙවෙ ආලියත් බලන් උන්නා ....

චබී....චබී....උඹ කාවද මේ රවට්ටන්නෙ චබී......

මං මගෙ නලල අත් දෙකෙම්ම මිරිකගත්තා ....මට ගෙදර  යන්න ඕන උනෙත් නෑ...අම්මව බලන්න යන්න ඕන උනෙත් නෑ මට ඕන උනෙ එක දෙයයි...අද ගෙදර  යනකොට  කකුල් හතරෙන් යන්න විතරයි ....ළඟින් හිටපු කෙනෙක් මෙහෙම වෙනස් වෙනකොට  හදවතට  දැනෙන වේදනාව අකුරු කරන්න ගියෝතින් මේ සංසාරෙත් මදිවේවි ....

ආලියා ...ඔයා යන්න මං පොඩ්ඩක්  ඉන්නම්...

මිස්ටර්  යීබෝ...

නෑ මචන් මං හොදින්.....ටැක්සි එකකට ගිහින් දාන්නද...

මං දවස් ගානකට පස්සෙ එයාගෙ මූන දැක්කෙ ඒ මූනෙ ඇස් යටගිහින් තිබුනා කලු වෙලා තිබුනා ...මං එයාගෙ අතින් අල්ල ගත්තා ...

මට කියන්න මොකක්ද  ප්‍රශ්නෙ....ඇයි මෙ ඇස් යට කලුවෙලා ...මූන ඇදිලා ගිහින්....

න්න්...නෑ..ඔයා නැති නිසා  මං වැඩිපුර  මහන්සි උනා...

කාටද බොරු කරන්නෙ....අවුරුදු  ගානක් එක බත් පත බෙදන් කාපු මටද....??අවුරුදු  ගානක් සැපට දුකට ලගට උන්න මටද ?? මං දැන් ඔයාගෙ හොදම යාලුවා නෙවෙද ...

ය්ය්...යීබෝ...මමාට...අසනීපයි...

ඉතින් දරුවො....ඇයි මට නොකීව්වෙ...

ඔයත් නැතිව මං කොහොමද  නිවාඩු ගන්නෙ ...

ආලියා ....මේ බලන්න...හොද යාලුවෙක්  කියන්නෙ සැපේදි විතරක්  ඉන්න කෙනෙක් නෙවෙ ...ඔයා දන්නවා මං ඔයාට සැලකුවෙ මගෙ සහෝදරියෙක්ට වගේ...ඉතින් ඇයි මට නොකිව්වෙ...??

යීබෝ...

හරි..හරි...මේ අහන්න....මේ අහන්න ඔයා යන්න..අම්මා ගාව ඉන්නයි වැඩකරන්නයි දෙකක් බෑ...පාන් බාගයක්  කන්නවත්  ඇගෙ මස් කලදක් නෑ...යන්න යන්න ගිහින් අම්මා සනීප උනාම එන්න...යන්නකො...

මං එයාගෙ හිත හැදුවා..මගෙ හිතේ ගින්දර  පත්තු වෙනකොට  එයාගෙ හිතෙ ගින්දර  නිව්වා...

දන්නවද  හිතෙ ගින්දරක් තියාගන තවකෙනෙක්ගෙ හිතෙ ගින්දර නිවන එක තරම්  මනුස්ස කමක් තව කොහෙවත් නැතිව ඇති ..ආලියා කියන්නෙ පුදුමාකාර හිත හොද  කෙල්ලෙක්...මට තවම මතකයි මං චබීව වඩාගන බස් එකෙන් බහිනකොට  හැමදාම  එයා ඉන්නවා බස් හෝල්ට් එකට වෙලා...හාම උදේකම එයාව වඩාගන ඉස්කෝලෙට එනකොට  පොඩි එකාට මගෙ උරහිස උඩම නින්ද යනකොට  නින්දෙන් ඇහැරිලා පන්‍තියට යන්න බෑ ගාලා අඩන එයාව නැලෙව්වෙ ආලියා ....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now