මම එයාවත් අතින් අල්ලන් කෙලිම්ම පහලට ආවා..එයා මගෙ මූන මිරිකලම රතුපාට වෙලා තිබුනා වගේම සීරුන තැන් දැවිල්ල ගන්නකොට මම එයාගෙ කනට පහත් උනා
බබා..වෙඩින් එකට කලින් නියපොතු කපා ගන්නවා ආ...
ඇයි....ඒ
ඇයියෙ කියන්නෙ....මම තව කල් ජීවත් වෙන්න ඕනා මෝඩයො බැදලා පහුවදාම මැරෙන්නද කියන්නෙ මගෙ මුලු මූනම දනවා...
ඒ පනිශ්මන්ට එක මතක නම් ආයම බොරු නොකර ඉන්න කුකී..හරිද...
ආ..හා..හා...හා...
එයා.මගෙ දිහා බලලා එයාගෙ ශීට් එකට යනකොට මම.මගෙ කැබින් එකට ආවා ඒ එක්කම දොරට තට්ටු කරන සද්දයක් එක්ක මම එලියෙ උන්න කෙනාට කතා කෙරුවා ...
ආලියා කියන්න...
මිස්ටර් යීබො විසිටර් කේනෙක් ඉන්නවා...
කව්ද...
මිස් යැංසි....
ඒ මොකද...
හේතුවක් කිව්වෙ නෑ...ඒත් එයා කිව්වෙ ඔයාව හම්බවෙන්න ඕනා කියලා...
ම්ම්ම්ම්...ම්ම්...එවන්නකො...
මම මගෙ අවුල්.උන කොන්ඩෙ හදාගන ඵෝන් එකේ කැම් එකෙන් මූන බැලුවා...එයා හපපුපාරවල් වලට මගෙ යටි තොලේ පැත්තක් තුවාල වෙලා තියනකොට මම ඒ දිහා බලන් උන්නා වගේම එක පාරම දිර ඇරුනා...කිසිම තට්ටු කිරිල්ලක් එක්ස්ක්‍යුස් කිරිල්ලක් මොකුත් නෑ...
යීබෝ....
මම ඇස් හීනි කරලා මගෙ ටේබල් එක ඉස්සරහා ටේබල් එක ගාව උන්න යැංසි දිහා බැලුවා ...එයා මම කියන්නත් කලිම්ම පුටුව ඇදලා අරන් ඉදගත්තා වගේම හෑන්ඩ් බෑග් එකත් දඩස් ගාලා ටේබල් එක උඩට අතෑරියා
කියන්න....ඇයි මේ හති දාගන කඩාගන බිදගන....
යීබෝ....ඇත්තටම ...ඇත්තටම ඔයා කොහොමද එහෙම දෙයක් කෙරුවෙ ආ....
කොහොම් දෙයක්ද...මිස් යැංසි....
කොහොම දෙයක්ද....ඒක අහන කත විතරක්...
මිස් යැංසි.....පලවෙනිම දේ...සංසුන් වෙන්න...ඔයා අගක් මුලක් මැදක් නොකියා මගෙන් එහෙම කෙරුවෙ කොහොමද ගගා අහන්නෙ මොනවද කියන්න මම දන්නෙ නෑ යැංසි...මට කරුනාකරලා පැහැදිලව එකින් එක කියන්න යැංසි....
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...