29 වන කොටස❤️💚

841 249 110
                                    

මම එයාව මැරි කරන්න ඕනා.කිව්වා විතරයි මෙච්චර වෙලා කොලයක් අඹර අඹර උන්න එයා මූනත් ෆයිල් එකකින් වහන් හැප්පි හැප්පි වැටි වැටි එලියට දිව්වා..මරු.මනුස්සයා ඒකට මොකද කිව්වෙ නම් කොහොමද ....

බෝර්ඩ් රූම්.එකේ උන්න එක එක්කෙනා කුටු කුටු ගාන්න ගත්තා වගේම අතරින් පතර යැංසිගෙ නමත් ඇහුනා...මොකද යැංසි මෙහෙ ආව දවස් දෙක තුනට මමයි එයයි මැරි කරන්න.ඉන්නෙ කියලා ගිනි තියලා ගිහින් තිබුනා වගේම  මගෙ පවර් එක අරන් මෙතන වැඩකරන අහිංසක මිනිස්සුන්ටත් කටේ හයිය පෙන්නලා ගිහින් තිබුනා..මම ඉතින් ඕවට යැංසිට මොකුත් නොකියා එයාගෙ අහිංසක සතුට ටික දවසක් එයාට එහෙම්ම විදින්න දුන්නා..මොකද එයා දන්නෙ නෑ කැපිලා පේන්න ගියහම පෙනිලා.කැපෙන්න වෙනවා කියලා...ඒ ඒ අය ඒ ඒ හැන්දෙන් ඒ ඒ කාලෙට දාගනි....කොහොමත් යැංසිව නම් මං කීයටවත් කරගහන එකක් නෑ කියන එක එයාලා කතාවෙනවා ඇහෙනකොට  මට හිතට සැනසීමක් දැනුනා ..යැංසි කියන චරිතෙ තනිකරම  මහ පොලවෙ පයගලා ඉන්නම බැරි චරිතයක්  වෙනකොට  යැංසිව බැන්දොත් මට ඒ මනුස්සයව බැලන්ස් කරගන්න පාර්ට් ටයිම් ජොබ් දෙක තුනකුත් කරන්න වෙයි ඒ තරම් සුකුරුත්තම...

මං උන්නෙ තවමත් හිටගෙන වෙනකොට  එයාලා කුටු කුටු ගාන එක ගනන් නොගෙනම තාත්තා දිහා බැලුවා ...මට ඕන කරන උත්තරෙ තියෙන්නෙ එයා ගාව විතරක්ම වෙනකොට මට අනිත් අයගෙන් වැඩක්ම නැති උනා..

පපා......??

.................

අනෙ පපා....

.........

මං තාත්තගෙ ඒ උත්තරෙත් එක්ක එලියට ආවා..මොකද මට තව දුරටත් එතන හිටන් ඉන්න හයියක් තිබුන් නෑ...තාත්තා දීපූ උත්තරෙ තවමත් කන් අස්සෙ කැරකෙනකොට කවදාවත් නැතුව මට ඒ අය ඉස්සරහම ඇඩෙන්න එනකොට මම කාදිහා වත් නොබලම එලියට ආවා....

මම එයාට මේක කියන්නෙ කොහොමද ....

අනේ අපේ හීන....අපේ බලාපොරොත්තු ...එයාගෙ හිනාව....

මම ඉක්මන් උනා වැඩිද......මම ඇයි අදමඒ හැමෝම ඉස්සරහ ඒ  වගෙ දෙයක් ඇහුවෙ..මට තිබුනා ඉවසලා හිමින් මේ ගැන අහන්න....එයා කොහොමද මූන දෙන්නෙ...

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now