ව්දුරු මේසෙට ඔලුව ගහගත්තු පාර මගෙ දත් ඇන්දම හෙලවිලා ගියා වගේ දැනුනා...එයාගෙ හිනා සද්දෙ එන්න එන්නම වැඩිවෙනකොට මට ඒක ඉවසන් ඉන්න බැරි උනා වගේම ඵෝන් එක කුඩු පට්ටම් කරන්න තරම් තරහවක් දැනුනා....
ඇත්තටම එයා ඇයි මට වඩා එන්න එන්නම ඇන්ජිට ලං වෙන්නෙ...ඇයි ඒ....මොන හේතුවක්ද....
ඒ දෙන්නා අතර මොකක් හරි....
අනෙ...නෑ..නෑ...එහෙම දෙයක් වෙන්න බෑ...එහෙම වෙන්නෙ කොහොමද මමනෙ එයාගෙ පන...එයා කිව්වනෙ....නෑ...මගෙ චබී කවදාවත් මගෙන් පිට යන්නෙ නෑ....අනේ එහෙම නේද...මගෙ පන කවදාවත් මගෙන් පිට යන්නෙ නෑනෙද....ඒත්...එයා එදා කියපු කතා....ඒවා එවෙලෙ හිතේ තරහට කියපුවා වෙන්න ඇති නේ...??අනේ එයාට මාව මදිද....නෑනේද....
මම අත් දෙකෙම්ම ඔලුව බදාගන කල්පනා කරන්න ගත්තා ... ඇත්තටම එයාට දැන් මාව දැනෙන්නෙ නැද්ද...එහෙම දෙයක් නැතිව ඇතිනේද....???එයා මා ගාව වැද වැටුනෙ දාලා යන්න එපා කිවේ....ඒවා බොරු නෙවේ නේද....??මම බඩගින්නෙ ඉන්නකොට කවදාවත් කාපු නැති එයා අද මගෙ බඩගින්න ගැන වද නොවී එයා ගැන විතරක් හිතනකොට මාව කඩා වැටෙන්න ආවා...ඒත්....මම හිත හයිය කරගත්තා ...එයාගෙ හිනා සද්දෙ එන්න එන්නම වැඩි උනා මිසක අඩුවක් නැතිව යනකොට මම නැකිට්ටා.....සාලෙ මැදම තිබුන වෙඩින් ඵොටෝ එකේ මම උන්නෙ එයා දිහා ආදරෙන් බලාගන...ඒ ඇස්වල ආදරේ තිබුනා උතුරන්නම....මට වැරදුනාද...එහෙම නැති නම් මම කොහෙවත් නැති මනස් ගාතයක් ඔලුවට දාන් වද වෙනවද....??ඒ දෙන්නා හොදම යාලුවො කියනවට වඩා ඊට වඩා වැඩි දෙයක් ඇතීයි මයි කියන දේ මගෙ පපුවට ටික ටික දනෙන්න ගන්නකොට හයිය කරගත්තු හිත ආයම ටික ටික කඩා වැටෙන්න ගත්තා ....
සම්පූර්න පහල තට්ටුවේම ලයිට්ස් ඕෆ් කරපු මම මගෙ තනියට බඩේ දැවිල්ලත් කර උඩතියන් අපේ කාමරේට යනකොට එයා සෝෆාව උඩ පිජාමා එකේ ශර්ට් එක විතරක් ඇදන් කකුල් උඩට තියන් කතා කර කර උන්නා...මාත් එක්ක වචනයක් කිව්වත් මාරාවේස වෙන එයා ඌත් එක්ක පුදුමාකාර සන්තෝසෙකින් කතා කෙරුවා...
වෙනදට බඩ දැවිල්ලයි කිව්වම කිරි විදූරුවක් හදලා බලෙම කවන එයාට අද මගෙ වේදනාව විතරක් නෙවෙ කොටිම්ම මාව පවා ගානක් නැති වෙලා තිබුනා ...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...