21වන කොටස❤️💚

880 273 73
                                    

එයා උන්නෙ තවමත් මගෙ ඉන වටේ අත් දෙක පටලවන් මගෙ ඇගට හේත්තු වෙලා වෙනකොට  මං එයාගෙ සිනිදු කොන්ඩෙ පුරාවටම  ඇගිලි ගෙනිච්චා ...මගෙ චබියා ...

චබී....

ඕ....

එයා ඇස් උස්සලා මා දිහා බැලුවා  වගේම මං ඇස් හීනි කෙරුවා ....

ඇයි කුකි අයියේ....

කව්ද චබී....CEO ගල් ඉබ්බෙක් කියලා කිව්වෙ...ම්ම්ම්ම්

මං.එයාගෙන් එහෙම  අහනකොට  එයා ආයම හිනා වෙන ගමන් මූන ඔබාගත්තා වගේම  මං හිමීට කන් පෙත්තකින් ඇදලා ගන්න ගමන් ඒ මූන බැලුවා ...

අයියා ගල් ඉබ්බෙක් වගේද  චබී....

ඉතින් ඔව්නෙ..මං ඔයාගෙ චබී කියලා  දැන ගත්ත නිසානෙ මා එක්ක මෙහෙම  ඉන්නෙ..නැත්තන් මෙහෙම ඉන්නෙ නෑනෙ....
අපෙ කෙල්ලොත් ඔයාට ගල් ඉබ්බා කියනවා ...

ව්..වෝ...හ්...අපේ...අපේ...කවදා ඉදන්ද ඒ කිකිලියො ටික අපේ උනේ ආහ්...තවම ඇවිත් දවස් කීයද ...මං බලන් උන්නෙ කෙල්ලො ගොට වට කරන් කෙබර හල හල ඉන්නවා ...

එයා එයාගෙ ඩිපාර්ට්මන්ට් එකේ කෙල්ලො ටිකව අපේ කෙල්ලො කියලා ඇස් කරකවන ගමන් මා දිහා බලලා හිනා උනා...ඔක්කොමත් හරි මේ හිනාව තමා ඉතින් මට ඉවසන්නම අමාරු....එයා මං වගෙ නෑ....එයා හරි නිදහස්....ශෝශල් ...සරල මනසක් තියන හැම වෙලේම හිනා වෙලා ඉන්න කෙනෙක්  කියන එක මං හැමදාම දැක්කා ...ඇත්තටම  ඒ මූනෙ නම් හිනාවක් නැති දවසක් තිබුන් නෑ...එයා එයාට ආස දේවල් කෙරුවා ...එයාට හම්බෙන පොඩි බ්‍රේක් එකේ උනත් එයාව සතුටු කරවන වැඩ කෙරුවා ..මං හැමදාම බලාගන එයා නිවාඩු වෙලාවට කැම් එක බෙල්ලෙ එල්ලන් ඔහේ තැන් තැන්වල ඵෝටෝ ගගහා ඉන්නවා ....එක අතකට එයා ජීවත් වෙන පිලිවල තමා හරිම...මොකද  අපි හැමදාම  දැනගන්න ඕනෙ අනිත් අයව තෘප්තිමත් කරන්න කලින් අපි තෘප්තිමත් වෙන්න ...තව කෙනෙක්ට ආදරේ දෙන්න කලින් අපි අපිටම ආදරේ  කරන්න...තව කෙනෙක්ට  රෙස්පෙක්ට් කරන්න කලින් තමා තමාට රෙස්පෙක්ට් කරන්න...තව කෙනෙක්ව විශ්වාස කරන්න කලින් තමා තමාවම විශ්වාස කරන්න....ඔන්න ඔය වගෙ දේවල් අපි ඇතුලෙම තියනවා කියන්නෙ අවංකවම  මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලේසි....ඒත් කරුමෙ කියන්නෙ මේ ලෝකෙ ඉන්නෙ වැඩි හරියක්ම අතෙ පැලවෙන බොරු කියන උන් වෙනකොට කොහොමද විශ්වාස කරන්නෙ??

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now