මං යැංසිගෙ කකුල් උඩ තිබුන බ්ලේසර් එක මගෙ අතට අරන් නැකිට්ටා ...
යීබෝ...එතකොට මේකද ඔයාගෙ අන්තීම තීරනේ...
ඔව්...මම ඔයාගෙන් අවසාන ප්රශ්නෙ දෙපාරක් අහනකොට වත් ඔයාට හිතන්න තිබුනා යැංසි...අනික මං මෙච්චර කල් කා එක්ක වත් යාලු නොවී උන්නෙ මට කෙල්ලෙක් හොයා ගන්න බැරි කමට නම් නෙවෙ යැංසි...මට කෙල්ලෙක් හොයා ගන්න ඕනවටත් වඩා චාන්ස් තිබුනා ...ඒත් යැංසි මං මගෙ තාත්තා එක්ක වැඩ කෙරුවා මට මග ඇරුනා..නැතිව මට කෙල්ලෙක් හොයා ගන්න බැරි කමක් නෙවෙ...අනික ඔයාගෙයි ස්ටීව්...එහෙම නැති නම් ඔයාගෙ ex බෝයි අතර තවමත් කනෙක්ශන් එක තියනවා ..ඌට ඔයාව බාර ගන්නත් බැරි නම් මොන දේකටද යැංසි එහෙම දෙයක් කෙරුවෙ...හරි ...හරි....අපි ඒක අමතක කරමු...මට එකපාරක් මේ දැන් කිව්වා නම්...මං ඔයාට ආය වචනයක් කියන්නෙ නෑ...ඒ හැමදේම අතීතෙ කියලා වලල දාලා මට ඔයාව මැරි කරන්න පුලුවන් කම ඕනවටත් වඩා තිබ්බා....
ඒත්...යැංසි....අවංකවම ඔයාට බෑ මාව සතුටින් තියන්න...කොයිම අතින් වත්..
.මට ක්ලබ් එකට දියවෙන ජීවිතයක් එපා යැංසි..මට පීනන්න සල්ලි තිබ්බත් මං ජීවත් වෙන්නෙ හරි සරලව ...අනික ඔයා දැම්මම බොස් පාර්ට් දාන්න ගිහින් තිබුනා ආලියට ...යැංසි ආලියා කියන්නෙ මගෙ සෙකට්රි ...එයා ඔයාට වඩා සිය ගුනේකින් educated වගේම මල්ටි ටැලන්ට් කෙල්ලෙක්....අනිත් දේ බොස් සෙකට්රි සම්බන්දෙ පැත්තකට දැම්මොත් ආලියා කියන්නෙ මගෙ හොදම යාලුවා ...යැංඩි මේ ලෝකෙ හොයා ගන්න අමාරු දේවල් හුගක් තියනවා ...අවංක ආදරයක්...අවංක යාලුවෙක්...මේ දෙක හොයා ගන්න හරිම අමාරුයි....ආලියා කියන්නෙ මට මගෙ ජීවිතේ ඉන්න තවත් වැදගත් කෙනෙක්....අවුරුදු විස්සකට වැඩී අපේ යාලු කම....මං කවදාවත් එයා ගැන එයා දිහා අහිතක් හිතලා නෑ යැංසි..අපි දෙන්නා රෑ වෙනකන් මගෙ කැබින් එකේ ඕන තරම් උන්නා...අද වෙනකන් මගෙ අතින් කවදාවත් ආලියගෙ කෙස් ගහකට වත් මොකුත් වෙලා නෑ වෙන්න එයා මාව ඒ තැනට ගෙනාවෙත් නෑ....ඔයා එයාව එදා සර්වන්ට් කෙනෙක් ගානට දාලා එයා ලව්වා එක එක දේවල් හදවන් තිබුනා...ඔයාගෙයි අපෙයි තිබුන කන්ට්රැක් එක වන් ශොට් එකක් එතකොට ඔයාට බෑ එයාට අපහාස කරන්න...රලු වෙන්න...මොකද එතනින් වැඩිම අයිතිය එන්නෙ ආලියට ..මොකද එයා තවමත් මගෙ කම්පැනි එකට අයිති කෙනෙක්...ඔයා??? ඔයා කව්ද ....යැංසි කාගෙන් හරි දෙයක් ඉල්ලනකොට "please" කියන්න පුරුදු වෙන්න...ඒක මහ දෙයක් නෙවෙ ....මිනිස්සු එක්ක ෆ්ලෙක්සිබල් වෙන්න...එහෙම කරන්න එපා යැංසි පව්...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...