36වන කොටස❤️💚

781 251 60
                                    

ටික දවකට උනත් එයාව ගෙදර තියලා යන එක මගෙ ඇගෙන් ඇටයක් ගලවලා ගන්නවා  වගේ උනා...

කුකි පරිස්සමින් ගිහින් එන්න...

ඒ වචන මගෙ පපුව අස්සට බහිනකොට මං හිත ගල් කරන් මගෙ තාත්තා එක එයාපෝර්ට් එකට ආවා...

කරන්න දෙයියනෙ නෑ...මට බොලද විදිහට ජීවත් වෙන්න බෑ...එයා මට වඩා බාල උනත් මම එයාගෙ වයස පහු කෙරුවා උනත් අපි දෙන්නම.ජීවත් වෙන්නෙ සැබෑ ලෝකෙ  වෙනකොට බොලද වෙලා ජීවත් වෙන්න බැහැ කියන දේ ඕනවටත් මට දැනෙන කොට හිතට දැනෙන වේදනාව මම මගෙ අතේ තිබුන කසාද මුද්ද දිහා බලලා නැති කරගත්තා ...

මම යන්නෙ ගිහින් එන්න මිසක් නොගිහින් ඉන්න නෙවෙනෙ..ඒකත් මේ දවස් ගානකට ..මටත් පිස්සුනෙ...බොරුවට මූන එල්ලන් ඉන්නෙ..මාත් සීනිබෝලයක් වගේ හොටු පෙරුවොත් කොහොමද එයාව බලා ගන්නෙ...

මම මගෙ හිතටම තරවටු කරගත්තා .....

ෆලයිට් එක බෙයිජින් අහසට නගින්න කලින් මම ආයම එයාට කතා කෙරුවා...ඒත් රින්ග් වෙනවා ඇරෙන්න එයා ආන්ස්වර් නොකරනකොට මම ඇන්ජියට ගත්තා ...ඌ තවම ගෙදර ගිහිල්ලා නෑ...

බබා ඔයා කොහෙද .....මොකද කරන්නෙ...මම බැහැල ගන්නම් හොදද...පරිස්සමින් ඉන්න චබී ආදරෙයි ...

වැඩිවැල් වටාරම් නැතිව හිතට දැනෙන්න මම මගෙ හැගීම් අකුරුවලට පෙරලුවා..මම දන්නවා..එයා අනිවාර්යයෙන්ම අඩනවා..මමදන්නවා..න මට දැනෙනවා..එයා අනිවාර්යයෙන්ම මගෙ කෝල් එක දකින්න ඇති...ඒත් මගෙ හිත රිදවන්න බැරි කමට ආන්ස්වර් නොකර ඉන්න ඇති...මගෙ හදවත විතරක් නෙවෙ මගෙ මුලු ආත්මයම එයා එක්ක බැදිලා තියනකොට ළඟ නැති උනත් එයාගෙ හැගීම දැනීම් එයාව මට දැනෙන්න ගත්තා ....

අවසානෙදි බෙයිජින් අහසෙන් අපි චීනෙම එක කොටසක් වෙච්ච අද වෙනම රටක් විදිහට නම් කරන හොංකොන් අහසෙ වලා කුලු එක්ක හරිහරියට පාවෙන  ගමන් උන්නා...තව ටික වෙලාවයි...අපි බහිනවා...

මගෙ ඇස් දෙක ප්ලේන් තටුව උඩ නැගලා එහා මෙහා දුවන කොට පාවෙන වලා කුලක් උඩ නැගපු මගෙ හිත එයාව හොයාගන යන්න ගියා...
.එයා මොනවා කරනවා ඇතිද...කෑවද බීවද....යන්න එපා කියලා කිව්වත් ඔෆිස් ගියාද  ගියලා මම එකින් එක අනුමාන කරන්න පටන් ගත්තා ...

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now