චූටි කොල්ලෙක්...අපේ ගෙදර ....මෙයාලා කව්ද ...???
මම් අවසානම පඩියට උඩින් පඩි දෙක තුන උඩ නැවතිලා ඒ දිහා බලන් උන්නා...එය ඇදන් උන්නෙ රතු පාට කොට කලිසමට සුදු පාට ටීශර්ට් එකක් වගේම ඒ ටීශර්ට් එක ඉස්සරහා මිකී මවුස් කෙනෙක් උන්නා වගේම සෝෆාවෙන් පහලට කකුල් බිම වත් ගෑවුනේ නෑ වගේම චූටි කකුල් දෙක එල්ලුනා...
ඔයා මේවා බොනවද ..නැති නම් මේවද...මොන පාට එකද ඕනේ..
අම්මා එයා දිහාවට බීම බෝතල් දෙක තුනක්ම පෙන්නනකොට එයා ඒ දිහා හොදට බලන් උන්නා වගේම අවසානෙදි තද රතුපාට එකට ඇගිල්ල දික් කෙරුවා ....
අ...අර...අරක...
මේකද..මේ රතු පාට එකද....
ඕ...ඒ මොනාද...ඒ...
අයියෝ...මේකගෙ ඇගේ තරමටවත් කටහඩ නෑනෙ ....චූටිම චූටි කටහඩක් තිබුන එයා අම්මගෙන් ඇහුව ඒ මොනවද කියලා ...
ම්ම්ම්..ඒක ඇවිත් කොමඩු....
කො...ම...ඩූ...ම්ම්ම්...ඒක එපා...එහෙනම්..
අම්මට හිනා ගියා ඇත්තටම මටත් හිනා ගියා පොඩි උන් නම් ඔහොම්මමයි...පෙන්නන එක නෙව අරගන්නෙ...ආයම එයා වෙන එකක් පෙන්නුවා ...ඒක කොලපාට ...පෙයාර්ස් එක...මම ආසම එක...
ඒ..මොනාද.. ඒ...
ම්ම්ම්..මේක නම්..පෙයාර්ස් ..මේක රසයි..මේක තමා මෙහෙ ඉන්න අයියත් බොන්නෙ...
ඔයාගෙ අයියද...
එයා අම්මගෙන් ඔයාගෙ අයියද...කියන එක ඇදලා අහනකොට අම්මට වගේම තාත්තටත් හිනා ගියා වගෙම අම්මා එයාට ග්ලාස් එකක් පුරවලම බීම දාලා දුන්නා.....
තව චුට්ටක් පස්සට වෙන්නකො...නැත්තම් ඔයාව වැටෙයි ...
එයා අත් දෙක පිටිපස්සට තදකරලා පස්සට රූට්ටලා සෝෆාවෙ හේත්තු උනා වගේම අම්මා එයගෙ අතට වීදුරුව දෙනකොට එයා ඒක අත් දෙකෙම්ම අල්ලගත්තා ...අයියෝ වීදුරුවත් එයාට වඩා ලොකුයි...
මම තවමත් එතනට නොයා මේ පිටසක්වල ජීවියා දිහා බාන් උන්නා...එයා චුට්ටක් බීලා "හා" ගාලා තලු මැරුවා වගේම එයාගෙ අම්මාගෙයි තාත්තගෙයි අතේ තිබුන ඒවටත් එබිකම්.කරන ගමන් ඒවලිනුත් චුට්ට චුට්ට බිව්වා...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...