කාලය කියන්නෙම ඇස්පිල්ලමක් ගහන වේගෙටත් වඩා වේගෙන් ගෙවෙන දෙයක් වෙනකොට එයාගෙ වගේම ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න ඒ දවස උදා වෙලා තිබුනා....
ඉතින් බාලි අහසට වෙනද වගේම ඉර පායලා තිබුනා...ඒත් හැමදාමත් දකින ඉරට වඩා අද පායපු ඉර ලස්සනයි කියන එක මට දැනුනා....
මේ හැම තැනකම සුදු පාට...කහ පාට....රෝස පාට...හිත නිවන පාට ලස්සන මල් පිපිලා තිබුනා...ඒ මල්.මේ ගස් වල හැමදාමත් පිපෙනවා ඇති...ඒත් වෙනදටත් වඩා මගෙ අස් වලට ඒ මල් ලස්සනයි සුවදයි කියන එක මගෙ පපුවට දැනුනා....නිල් පාට අහසෙ සුදුන්පාට වලාකුලු හරිම සංසුන්ව පාවෙනකොට මම මගෙ ශර්ට් එක උඩින් බ්ලේසර් එක දැම්මා...කන්නාඩියෙන් පේන් මගෙ රූපෙ දිහේ බැලුවා....
අවුරුදු ගානකට කලින් වඩාගන හුරතල් කරපු ඒ පොඩි ලමයා තව තත්පර ගානකින් සදහටම මගෙම වෙනවා....එයාසමහර විට ලැහැස්ති වෙනවා ඇති.....
කුකි අයියෙ...හෙටින් පස්සෙ ඔයාගෙ චබී හැමදාම ඔයා ගාව....
ඒ එයා එයාලගෙ කබානා එකට යන්න කලින් කියපු අවසානම වචන ටික..රෑ උනත් ඒ ඇස් දිලිසෙන එක මම හරි පැහැදිලිවම දැක්කා...එයා ඇත්තටම ගියේ මගෙ නින්දම නැති කරලා....මුලුරෑම මම ඇදේ එහා මෙහා පෙරලුනා...වෙලාවකට බඩ පුරවලා.දාන ගතියක්...නමක් කියන්න නොතේරෙන හැගීමක් සර්වාංගෙම තලනකොට මම බැරිම තැන එලියට ගිහින් එයාලාගෙ කබානා එක දිහා බලන් උන්නා...හැමදාමත් හිතට අමුත්තක් දැනුන හැමදාකම මාව තේරුම් ගත්තු මගේ යාලුවා ආලියා...ඊයෙ රෑත් වෙනදා වගේම නමක් දෙන්න නොදන්න හැගීම් මට හරි ලස්සනට බේරලා දුන්න....අලියා...එයාගෙ යාලුවා ඇන්ජියා....මගෙ අම්මා තාත්තා ...එයාගෙ අම්මා තාත්තා ...අපි හැමොම අද දවස උදා වෙනකන් බලන් උන්නා....
දන්නවද..හිතේ කහටක් කොනකවත් ගෑවිලා නැති මිනිස්සු එක්ක ජීවත් වෙන්න මං හිතන්නෙ හුගක් පින් කරන්න ඕනා...මගෙ වටේ උන්නෙම ඒ වගේ මිනිස්සු.වෙනකොට අපි දෙන්නා හරි ආසාවෙන් අද දවසට ඉර පායනකන් ඇගිලි ගැන්නා මේ බාලි අහස යට ඉදගනම.....
පුතා ඔයා හරිද....
මම තවමත් උන්නෙ ඩ්‍රෙසින් ටේබල්නෙක ගාව වෙනකොට කාමරේටඑලියෙන් අම්මගෙ කටහඩ ඇහුනා...මම උත්තරයක් නොදීම එයා දොර ඇරලා අම්මා ගාවට ගියා....
DU LIEST GERADE
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...