එයා ගේ ඇතුලට යනවා එක්කම මම අපේ ගෙදරට ආවා..
එලියෙන් එලියෙන්...
මොකක්ද අනේ ගෙට එන්නවත් හම්බුන් නෑ....
මම දැනුයි මොප් කරේ...
මේ හවස මොප් කරන්නෙ ඇයි...
මම ඇතුලට අඩිය තියනවත් එක්කම අම්මා කෑ ගැහුවා වගේම මම ඇගිලි තුඩු වලින් හිටගත්තා එයා මට සපත්තු ගලවන්න කියලා කෑ ගහනකොට මම සපත්තු දෙක එලියෙන් ගලවලා ඇගිලි තුඩුවලින් ටයිල් දාර වලට අඩිය තිය තිය පඩි පෙල ගාවට හරිම අමාරුවෙන් බඩ ගාගත්තා....මොනවට සුදුපාට ටයිල් අල්ලනවද මන්දන්නෙ නෑ අප්පා...මං පඩිපෙල උඩ ඉදන් මම ආපු පාර දිහා ආයම හැරිලා බැලුවා..මොකද විහිලුවටවත් එක අඩියක් හරි හිටලා තිබුනොත් මට මේ ගේම මොප් කරන්න වෙනවා ඒක නිසාම මම හොරෙක්වගේ බාගෙට අඩි තිය තිය කාමරේ ඇතුලට දිව්වා වගේම දොර වහගන්නකොටම අම්මා තාත්තට බෙරිහන් දෙන සද්දෙ ඇහුන...පව්...අද තාත්තගෙ වෙලාව හොද නෑ...අම්මට අහු උනා කියන්නෙ පොලිස් කාරයෙක්ට අහු උනා වගේ තමා...
මම මගෙ දාඩිය ඇදුම් ටික වෙනම මැශින් එකට දාලා ඩෙල්ටෝල් මූඩි දෙකක් දැම්මා..මේකට නිකන් රෙදි හෝදන සබන් අනම් මනම් දැම්මට වැඩක් නෑ..ඇත්තටම පට්ටම දාඩිය ගදයි...අම්මට මේවා හෝදන්න දුන්නොත් ගෙදරින් දෙන බත් එකත් නැතිවෙන හින්දා මම පොඩි මැශින් එකට ඒ රෙදිටිකයි මේස් යට ඇදුම් එක්ක බෑග් එකත් එබුවා..අර පොඩි එකාට මා ගාව ගදක් වත් ආවද දන්නෙ නෑ...ඇත්තටම ගෑනුන්ට වඩා පිරිමි දාඩිය ගද වෙනකොට අව්වෙ නටපු මට මගෙම දාඩිය ගද උහුලන්න බැරිවෙනකොට මම රෙදි හේදනකන් නාගන්න පටන් ගත්තා . ..
මම මා දිහා කන්නාඩියෙන් බලබල නානගමන් ඔලුව ශැම්පු.කරන්න ගත්තා ...අපෝහ්..අත් යට රෝම වැවිලා...මේක රේසර් කරොත් කසනවා...වීට් කෙරුවොත් රිදෙනවා...කැපුවත් වැඩක් නෑ...මෙහෙම තියෙනකොට මොනතරම් ඩියෝඩ්රන්ට් ගෑවත් වැඩක් නෑ..අනික බස් එකේ එනකොට අතක් වත් උස්සන්නෙ කොහොමද ...සමහර මිනිස්සු එනවා මගෙ අම්මෝ උන් අත් උස්සනකොට කෝමා වෙන්න එනවා...අනේ මන්දා ....
මං නානා උන්න ගමන් වතුර පෙරාගනම එලියට ඇවිත් කබඩ් එක ඇරලා වීට් පෑඩ් දෙකක් අරන් අත යටට ඇලෙව්වා ...අලෙව්වා වගේ නෙවෙ දැන් ගලවන කොට තමා මට තරු පේන්නෙ...මං ඇස් දෙකත් වහෙන් වතුර යට හිටන් පලවෙනි එක ඇද්දා...ඇත්තටම මට කෑ...ගැස්සුනා...කදුලුත් පැන්නා ඒ අස්සෙන් කිඹුහුමකුත් ගියා කනුත් අගුල් වැටුනා...තව එකක් ඉතුරුයි ..මං චුට්ට චුට්ට ඒක ගලවන්න ගත්තා ...අම්මෝ..ගහෙන් ගහ ගැලවෙනකොට ඊට වඩා අමාරුයි....
DU LIEST GERADE
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...