මං එයාගෙ මූන මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා ...මං එයාට ආදරෙයි ...මං දන්නවා ඒ ආදරෙ තව දුරටත් අයියා මල්ලි ආදරයක් කියලා කියන්න බැරි වෙන්න මගෙ හැගීම් වෙනස් වෙලා කියලා ....ඒත් මේක ගෙදරින් කරන්න ඉඩ දේවිද ....නොදුන්නොත් ඒ වේදනාව ..මට බෑ..මට ආයම නම් එයාව මගෙන් ඈත් කරගන්න...මං මොකක් හරි කියලා මගෙ ගෙදර අයව කැමති කරගත්තා කියමු ඒත් එයාගෙ අය....
මං දන්නවා මට පීනන්න තරම් සල්ලි තියනවා ...ඒත් හැම දෙමව්පියොම සල්ලි පස්සෙ යන්නෙ නෑ...මොකද මගෙ චබීගෙ අම්මා තාත්තා එයාට පන ඇරලා ආදරෙයි එයාව මට අයිති කර ගන්න සල්ලි තියන එකම නෙවෙ සුදුසුකම ....අපි ආදරෙ කරලා එයාගෙ අය අකමැති වෙලා කොල්ලව මගෙන් ගත්තොත් ....?????මට පිස්සු හැදෙයි....එතකොට එයා .....
මම ටික වෙලාවක් කල්පනාකරලා එයාගෙ ඇස් දිහා බැලුවා ..
චබී....මගෙ බබා දන්නවද මේ කියවන්නෙ මොනවද කියලා .....චබි ඔයා අද මට ආදරෙයි කියයි ඒත් වස්තුව ගෙදර අය....මට කියන්න ඔයා මට කොයි විදිහටද ආදරෙ කරන්නෙ......
කුකි...අයියෙ...ඔයා...කුකි...කියලා නොදැනම මං ඔයාට ආදරෙ කෙරුවා නම් ඒ හැගීමෙ තේරුම මොකක්ද ....
මම ඔයාගෙ අයියනෙ ...
ඒ ඔයානෙ එහෙම කියන්නෙ...අපි අතරෙ නෑ කමක් නෑනෙ....ඉතින්....
නෑ කමක් තියෙන්න ඕනෙද චබී අයියා වෙන්න..
ඒත්....ඇත්ත ඒකනෙ...මට කියන්න...ඔයත් චබීට ආදරෙයි නේද ...
ආදරේයි චබීට මහගොඩක් ආදරෙයි ...හැබැයි ඒ විදිහට නෙවෙ චබී....ඔයා තවම පොඩී....මේ කාලෙදි ඔහොම දේවල් හිතෙනවා ඒක වැරදි නෑ බබා...
අනේ...
චබී මේ අහන්නකො බබා...අයියට තව අවුරුදු දෙකයි තිහයි....ඉතින් ඔයාගෙ හොදම කාලෙ එනකොට මං තවත් වයසට ගිහින් ඉදී...
ඉතින්...වයස කියන්නෙ ඉලක්කමක් විතරනෙ...
උඹ කොහොමද චබී ඔච්චර පැහුනෙ...
පැහුන් නෑ කුකි අයියෙ ඔයා පිලිගන්න කැමති නෑ...මං තවමත් පැම්පර්ස් ඇදන් දුවපු පොඩි එකා නෙවෙ මට ...මට මං...ලොකුයිනෙ...
ඒ උඹට....මට එහෙම නෑ...මට කියපන් චබී වඩාගන එහෙ මෙහෙ ගෙනිච්ච...පස්සෙන් දුව දුව උඹට කවපු...වඩාගන නාවපු තුරුල් කරන් නිදිකරවපු නිදා ගනකන් සිංදු කියපු මගෙම දරුවෙක් වගෙ උඹව බලාගත්තු උඹට මං ඒ විදිහට ආදරෙ කරන්නෙ කොහොමද ....ඒක හරියට තාත්තා තමන්ගෙම දුවව බදිනවා වගෙ....ඇයි චබී උඹ ඒක තේරුම් නොගන්නෙ.
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...