මගෙ ඇගට ජැක් එක ගහන් උන්න මේ චූටි බටු ඇටෙ අවසානෙදි මගෙ අත් දෙක අස්සෙන් රිංගන් අවිත් කකුල් දෙක උඩ ඉදගත්තා වගේම එයයි මායි angry bird game එක ගැහුවා ...අනේ එයාට තේරුමක් නෑ එයා එයාගෙ රිමොර්ට් එකත් ඔබනවා මගෙ එකත් ඔබනවා උන් වීසි වෙනකොට හිනා වෙනවා මං එයාට ඕන එකක් ඔබන්න දීලා එයා හිනා වෙන එක දිහා බලන් උන්නා..
අයියගෙ චූටි වස්තුව අයියා ජෝ නාලා එන්නද ම්ම්ම්..
එයා මෙලෝ සිහියක් නැතිව මගෙ කකුල් උඩ ඉදන් අර රතු නිල් කහ කුරුල්ලො පස්සෙ දුවනකොට මට මතක නෑ මං කීපාරක් නම් ඒ චූටි කම්මුලට හාදු තිබ්බද කියන්න එයා හරි හුරතල් අප්පා ..
කෝ...ප්පා..සීයක්...නා..නව...ද...
එයා ඇස් දෙක ටීවි එකේ තියාගනම කෝප්පා සීයක් නානවාද ඇහුවා ..
ඔව් කෝප්ප සීයක් නානවා..ඔයා මෙතන ඉන්නවද ...
ඕ...ඉන්නා.....ඉන්නම්..නේ...
හා..ඉන්නකො එහෙනම් ..මොනවා හරි ඕනා නම් අයියගෙ කාමරේට එන්න හොදද
ම්ම්...ම්ම්..මොකුත්..එපානේ...
හා...මොකුත් එපා නම් එන්න එපා...
එයාව මං පොරවන් උන්න බ්ලැන්කට් එකෙම්ම පොරවලා මං ආයම කාමරේට ඇවිත් මොකටටත් කියලා බාතෲම් එකේ දොරත් අඩවන් කරන් නාන්න ගත්තා ....
අයියා බබා.......අයිට බබෝ...ඔයා කොඑද එන්නෙ....චූචි පුතා එනවා ...අ..යි..යා..බබෝ....ඔයා කොඑද ඉන්නෙ...
මං හිතුවා වගේම එයා මාව හොයන් එනකොට මං දොරෙන් එලියට බෙල්ල දැම්මා
අයියා මෙහේ....
කෝද ඉන්නෙ.....
මෙහෙ..මේ ජෝ නානවා..
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...