43වන කොටස❤️💚

809 251 111
                                    

ආව ගමන් කොහේවත් යන්න හිතුනෙවත් නැති මම එහෙම්ම  ඇදට වැටුනා....අවංකවම කිව්වොත් මට ඔලුවෙ කැක්කුමයි....නෑ ඔලුවෙ කැක්කුමත් නෙවෙ මගෙ හිතට හරි නෑ...ඒකයි ඇත්තම කතාව.....

එයාට ඌ උන්නා කියලා මොකද...අපි දෙන්නම මැරි කරලා ඉතින් ආදරෙයි කියන එක ලැජ්ජා වෙන්න දෙයක්ද....??ඔයිට වඩා දේවල් මිනිස්සු මහපාරවල් වල කරන්නෙ න නැද්ද.....ප්‍රසිද්දියේ කිස් කරන්නෙ නැද්ද ....??එයාට එක එක වෙලාවට එක වෙස් පෙරලෙනවා....

මම එහෙම්ම ආලියට කෝල් එකක් අර ගත්තා ...

හෙලෝ...ආලියා...

.........

චබී එන්නම් කිව්වා එයාට කෝල් එකක් අරන් බලන්න ආලියා...

මම ඊට එහා වචනයක් වත් නොකියම  ආයම ඵෝන් එක කට් කරලා දැම්මා  මට තව කතා කරන්න හිතුන් නෑ මට ගෙදර යන්න හිතුනා  ඇයි මට මෙහෙම කරන්නෙ අහන්න හිතුනා ඇයි උඹට සැරින් සැරෙ වෙස් පෙරලෙන්නෙ අහන්න හිතුනා   ...ඇයි මගෙ හිත අවුලවන්නෙ අහන්න හිතුනා...

ඕන මගුලක් චබී...උඹට ඕන වෙලේට හිනා වෙනවා උඹට ඕන තරහා වෙනවා ....







එයා ගැනම කල්පනා කර කර උන්න මට මටත් නොදැනිම නින්ද ගියා වගෙම තද නින්දක උන්න මම ආයම ගැස්සිලා ඇහැරුනේ මගෙ පපුව උඩ තිබුන ඵෝන් එක රින්ග්වෙන සද්දෙට වෙනකොට මම කෝල් එක ආන්ස්වර් කෙරුවා

හෙලෝ බබා..

බබා...බබා....තමා මොකක්ද කුකි අයියෙ මේකෙ තේරුම ...ආ..මොකක්ද කියන්න මේ වදේ...

මොකද චබී   ඇයි මේ තරහ ගිහින්...

මම කිව්වනෙ මම ඔයාගෙ වැඩේට යන්නම් කියලා ඒ කියලා තියන කොටත් අර ආලියා මොකද සිය පාරක් විතර කෝල් ගන්නෙ...මල වදයක් උනානෙ..ඵෝන් එකට නිදහසක් දෙන්නෙම නැද්ද ඒ ගෑනි...??

චබී...චබී...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න...මට කියන්න මොකක්ද උනේ කියලා ...තරහා ගන්නෙ නැතිව කියන්න බබා...

මොකක්ද උනේ කියන්න මම කිව්වනෙ මම ශොපින් යනවා කියලා නේද

ඉතින්...

ඉතින් කියන්නෙ මං ගිය වෙලේ ඉදලම ගන්නවා ගන්නවා ඉවරයක් නෑ..ආව වෙලෙ ඉදලා මම ඵෝන් එක කනේ ගහන් ඉන්න ඕනේ...මොන කරුමයක්ද  ...ඒ ගැනිට පුදුම හදිස්සියක් තියෙන්නෙ ...එන්න කියන පරක්කුවට යන්න පුලුවන්ද ?මොකද මම ජෙට් එකකද යන්න ඕනෙ...

LIVING WITHOUT A  HEART (Complete  )Donde viven las historias. Descúbrelo ahora