එයා මග දුරක් ගිහින් අම්මගෙ ඇගෙ එල්ලෙනකොට අම්මා එයාව වඩා ගත්තා අවංකවම කිව්වොත් කොල්ලව දකින එකෙක් හිතන්නෙ තවම වයස පහක් විතර කියලා වෙනකොට එයා වයසෙ තරමට හැදිලා උන්නෙ නෑ ....
මං කාමරේට ගිහින් වැඩි වෙලා ගන්නෙ නැතිව ඉක්මනට ඇග හෝදන් පහලට එනකොට එයා කෑම මේසෙ ඉදගන උන්නා වගේම බත් කන්නෙ නැති නිසාම අම්මා එයාට ප්ලේට් එකකට චීස් කට්ලට් එක්ක අල බැදපුවා දාලා දීලා තිබුනා .
ඔයා කනවද අනේ....
ඕ...ඔයා කන්නෙ නෑද අනේ....
කෝ බලමු බලන්න මොනාද මමා දීලා තියෙන්නෙ කියලා...
පොටැටො චිප්ශ ...එක්ක....මේ මේවා....
චිප්ස් නෙවෙ අනෙ ඔය...
ඒනම්..ඉතින්..මේ..මේම මේම තියෙන්නෙ ඒවනෙ...නේ..පොටෑටො චිප්ශ තමා මේ මොනාද මේ..ඒවා හයියනෙ...කාගෙ බිත්තරද ඒ...මොකා කෙනාගෙ බිත්තර ද අයියෝ ඒ...
ඒ ඇවිල්ලා...ම්ම්ම්....
අලියගෙ නේ....අලියා නේද....
ඔව්...අලියගෙ බිත්තර තමා කෝ කන්නකො ඉතින්...
එයා චීස් කට්ලට් වලට ඇගිල්ලෙන් ඇන ඇන මොකා කෙනාගෙ බිත්තරද කිය කිය අර රවුම් ඇස් තවත් ලොකු කරන් මගෙ මූන දිහා බලන් අහනකොට ඒවා අලියගෙ බ්ත්තර කියලා එයාම කිව්වා වගේම අවසානෙදි මට කවන්නත් කිව්වා..
අනේ අයියෝ...මට කවන්නකො අප්පා...මේවා හරි ලොකුයිනෙ අයියො...
අයියට කවන්න කියලද කියන්නෙ..
ඕ...ඇයි අයියට කවන්න හොද නෑද...ඒම හොද නැත්තෙ නෑනේද...අනේ ඒම හොද නැත්තෙ නෑනේද.....
හා කවන්නම්කො...කෝ මේ පැත්තට හැරෙන්න එහෙනම්..
මං එයා ඉදන් උන්න පුටුව මගෙ පැත්තට හරවගත්තා ...එයාගෙ චූටි කකුල් දෙක පුටුවෙන් පහලට එල්ලුනා වගේම එයා කකුලක් වන වන පුටු පත්තට හේත්තු වෙනකොට මං එයාට මයෝනීස් ගාපු අල කෑල්ලක් කැව්වා ..
කෝ ආගන්න....
අනේ....චූටි පුතාට අයිය කවනවද ...මේකත් කාලා ඉක්මන්ට ලොකු වෙන්න ඕනා තේරුනාද ..
ඒ මෝනාද ඒ....චුකන්ද....?
ඔව් ඔව් චුකන් තමා කෝ කටේ තියන් ඉන් නැතිව ගිලින්න ඉතින්...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...