53වන කොටස(bonus )

3.2K 387 432
                                    

ඉතින්..මගෙ චබී....මගෙ පන...උඹ යන්නම ගිහින්....

මම එයාගෙ ඇදුමක් පපුවට තුරුල් කර ගත්තා ......

උඹ මෙහෙම කරයි කියලා මං හීනෙකින් වත් හිතුවෙ නෑ චබී....මට හිතා ගන්නත් බෑ..මට එක විශ්වාස කරන්න හිත හදා ගන්න බෑ චබී.....

ආදරේ පිරුන ...සතුට හිනාව පිරුන අපේ ගෙදර අද අමු සොහොනක් වගෙ....මං කාටද පන ඇගිල්ල දික් කරන්න ඕනෙ...මට උඹට ඇගිල්ල දික් කරන්න බෑ...මොකද එතකොට මගෙ පැත්තට ඇගිලි හතරක් එනවා....

මං සුදු පාට සිවිලිම දිහා ඔහේ බලන් උන්නා....කුකී...පපා...මිනිහෝ ගගා හිනා වෙවි ජංගි කොට කෑලි ඇදන් දුවපු එයාගෙ කට හඩ වගේම රූපෙ හතර පැත්තෙම්ම පේන්න ගන්නකොට මං කල්පනා කෙරුවා ...මට අඩන්න හිතක් නෑ..මට මහන්සී .....මං දිය කරන්න පුලුවන් ඔක්කොම කදුලු දිය කරලා අරිනකොට තවත් හලන්න ඇස්වල කදුලු නැති උනා..

උඹ මාව අතෑරියට මං උඹව අතෑරියට මං උඹව අතෑරියෙ නෑ චබී....මේ මුදුව උඹගෙ අතට වැටෙන කොට උඹගෙ මූන සතුටින්  පිරුනා...ඒ ඇස් ආදරෙන් දිලිසුනා....ඉතින් ....එහෙම  උන්න උඹට වෙනස් වෙන්න පුලුවන්ද  පන?? බෑ නේද....චබී....මං උඹට සමාව දෙන්නම් පන....ආයම වරෙන් .....මට කොන්ද පන නැති කම නෙවෙ චබී උඹ මාව අතෑරියා වගෙ හරි ලේසියෙන් මට උඹව අතාරින්න බෑ පන.....ආදරේට  පුලුවන්  මනුස්සයෙක්ව වට්ටන්න.....ඒ වගේම  වැටුන කෙනෙක් නැකිට්ටවන්න...මට කියපන් ..මම නැකිටින්නද නැත්තන්....වැටුන තැනම එහෙම්ම පොලවට පස් වෙන්නද.....

මං එහෙම්ම හිස් වෙච්ච ඇගිල්ලට ආයම මුදුව දාගත්තා ....හරි හමන් කෑමක් බීමක් නැතිව මාව ආයම ඇට ගැහීගන එන ගමන් තිබුනා...කෙට්ටු වෙලා දර හැව වගේ උන්නත් කමක් නෑ එයා ඉන්නවා නම්...

අතේ තියන බුරුල් වෙච්ච  මුදුව මට අපෙ බුරුල් වෙච්ච  බැදීම ආයම මතක් කරනකොට  වේලිලා ගියපු ඇස් ආයම තෙත් කරනකොට  මං අපේ ඵොටෝ දිහා බලන් ආයම ඇඩුවා....මට මගෙ ජීවිතේම එපා වෙලා .....මං අසරන වෙලා..ආය කාටවත්  මාව ගොඩ  ගන්න බැරි විදිහටම  මාව අසරන වෙලා තිබුනා....

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now