50වන කොටස❤️💚

1K 239 164
                                    

මොකක්ද එයා කිව්වෙ ....එයා මගෙ චබීගෙ පලවෙනි  ආදරේ කියලා ....එතකොට  ඒක තවමත් තියනවලු....

මාව එහෙම්මම බිම ඉන්දෙව්නා.....මට දැනුනෙ මගෙ ලෝකෙම කඩන් වැටුනා වගෙ...මගෙ මුලු ලෝකෙම කකුල් ඉස්සරහා  බලන් ඉන්නකොට කුඩු පට්ටම්  වෙලා ගියා වගේ....මං එහෙම්ම ඇන්ජි දිහා බැලුවා ...ඒ අත් දිහා බැලුවා ...ඒ අත් සිනිදු පාටයි ...මං එහෙම්ම මගෙ අත් දිහා බැලුවා ...නහර පෑදිලා ...දවස්  ගනන් නිදිමරලා ඇස් යට කලු වෙලා ඇස් ගිලා බැහැලා තිබුනා ...හරි හමන් විදිහට කෑමක් නැති නිසා වගේම හිතේ ගින්දර නිසා මං වැහැරෙන ගමන් උන්නා....

මම නාස්ති වෙලා....

ඔයාට දැනිලා තියනවද  පපුවට  උහුලන්න බැරි දුකක් දැනුනම එක පාර අඩා ගන්න වත් කදුලක් උනන්නෙ නැති උනහම එන වේදනාව...උගුරු දන්ඩ කුඩුපට්ටම්  කරන් එලියට එන්න හදන ඉකිය මග නැවතුනාම එන වේදනාව....

මගෙ මුලු ලෝකෙම තත්පරයටත් වඩා අඩු කාලෙකින් කුඩු පට්ටම් වෙලා ගියා...මගෙ හීන....මගෙ බලාපොරොත්තු  මගෙ ජීවිතේ.....මේ සේරම නැති වෙලා ගියා....මට දැනුනෙ පනපිටින් ඉන්නකොට  මට ෆෝමලින් විද්ද හා සමාන වේදනාවක් ...සර්වාංගෙම  ලේ නහට කරවල වේගන ගියා වගෙ හැගීමක්...ගැහි ගැහි තිබුන හදවත වේලිලා කරකුට්ටන් වෙලා ගියාහා සමාන වේදනාවක්   ....එයාගෙ කුකි අයියා....එයාගෙ ආදරෙ ඉස්සරහා බිම ඉදගන උන්නා....

එයාගෙ ආදරේ ඉස්සරහා එයාගෙ කුකි අයියා...එතකොට ...කව්ද මෙතන තුන් වෙනියා...මමද.....ඇංජිද.....???

ඇංජි....මට...වතුර එකක්...දෙන්න..පුලුවන්ද ...

මං වතුර එකක් ඉල්ලුවා...මට තේරුනෙ නෑ මං දැන් ඇන්ජිට බනින්නද ..ගහන්නද කියලා ...මොකද  මමයි මෙතන තුන්වෙනියා..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now