බබා...ඔය මොප් එක ගේනවකො..මං දැන් පැයක ඉදන්නෙ මේක ඉල්ලන්නෙ...
එයාගෙ අම්මලා එනවා කිව්ව නිසාම ඊට පහුවදා රෑ අපි දෙන්නා මෙච්චර කල් එයාලගෙ වහලා තිබුන ගේ සුද්ද කරන්න ගත්තා ... අවුරුදු ගානක්ම එකම දිගට වහලා තිබුන නිසාම ඒ ගේ ඇතුලෙ දූවිලි වගේම පරන පාලු ගතියක් තිබුනා.....
එයාට දැන් මම මොප් එක ගේන්න කියලා සෑහෙන්න වෙලාවක් උනත් එයා තවමට් නැති තැන කැරකි කැරකි ඉදලා එයාව හොයාගන ගියා ..
බබා....චබී ඔයා කොහෙද ....
එයාගෙන් සද්දයක් වත් නෑ....මම ආයම කතා කෙරුවා ...ඒත් නෑ....මම එයාලගෙ අම්මලාගෙ කාමරේට ගියා...ඒත් නෑ.....එයාගෙ කාමරේට ගියා ඒත් නෑ.....ඒ එක්කම මට මොකක් හරි පෙරලෙන සද්දයක් ආවා...ඒ අර සෙල්ලම් බඩු පුරවලා තිබුන කාමරේ වෙනකොට මම ගිහින් බෙල්ල දාලා බැලුවා ...
චබී.....
කුකි ..මේහ්....
එයා ස්කේට් බෝර්ඩ් එකක් අතේ තියන් උන්නා...ඒක මම එයාට දීපු මගෙ ස්කේට් බෝර්ඩ් එක...
ඒක තවමත් ඒ විදිහමයි ....
මම ඇහෙන නෑහෙන ගානට කියන ගමන් එයා ගාව බිමින් ඉදගත්තා ...ඒ කාමරේ පුරාවටම තිබුනෙ එයාගෙ සෙල්ලම් බඩු...ඒවා අවුරුදු ගානක් ගිහිල්ලා උනත් තවමත් අලුත්ම අලුත් පාටට තිබුනා සමහරක් ඒවා තිබුනා අඩුම ගානෙ බොක්ස් එක වත් අයුන් කරපු නැති ඒවා...එක පැත්තක එයාගෙ අර ලොකුම ලොකු කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිය තිබුනා වගේම ඒක ඇතුලෙත් සෙල්ලම් බඩු පිරෙන්න තිබ්බා...අනිත් හැම සෙල්ලම් බඩුවක්ම අලුත් වෙනකොට අර පෙට්ටියෙ තිබ්බ ඒවා විතරක් පරන උනා..කාර් ජීප් එතකොට සෙල්ලම් තාරාවො...ඒවා පරන වෙලා තිබුනා සමහරක් කැඩිලා හරි එයා කඩලා හරි තිබුනා...කාර් වල නම් රෝදා තිබුන් නෑ...ඒක හැම පොඩි ලමයෙක්ගෙම ගතියක් කාර් එකක් හරි මොකක් හරි හම්බ උන ගමන්ම උන් කරන්නෙ රෝදා ටික ගලවන එක..ගලවලා බිම දිගේ තල්ලු කරන එක...කොච්චර අලුත් සෙල්ලම් බඩු තිබුනා උනත් පරන කෑලි හැලෙන ඒවට ආස කරන එක හැම පොඩි එකෙක් ගාවම තියන ගතියක් වෙනකොට මගෙ චබියත් පොඩි කාලෙ ඒ වගේම උනා...
චබී....
තවමත් අර පොඩි ස්කේර්ට් බෝර්ඩ් එක අතගගා හැඩ බල බල උන්න එයාට මම කතා කරනකොට එයා ඇයි කියරන කටින් නාහා ඇස් වලින් ඇහුවා ...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...