අවසානෙදි මෙච්චර වෙලා මගෙ අස්සෙ හුරතල් උන එයා යන්න ගියා...එයා යන්න ගියෙ නිකම්ම නෙවෙ මගෙ හිතට ගොඩක් ලොකු පාලුවක් ඉතුරු කරලා වෙනකොට මං එයාගෙ නම ලියපු පොත් අරන් එයාගෙ බලිකුරුටු අකුරු බැලුවා...
එයා චිත්‍ර ඇදලා පාට කරලා සමහර ඒවා පිට යවලා තිබුනා චූටි මෝඩයා ..මං එයගෙ කෑම පෙට්ටිය අරන් ගිහින් බනිස් ගෙඩිය ඩස්ට්බින් එකට දාලා එයාගෙ නම ලියපු කෑම් පෙට්ටිය හෝදලා රැක් එකට දැම්මා...
වෙලාව ටිකින් ටික යනකොට මං රෑට කාලා අයම කාමරේට ගියා කරන්න දෙයක් නැති නිසාම මං ජනෙල් තිරේ ඈත් කරලා එයාලගෙ ගේ දිහා බැලුවා...ලයිට් ඔක්කොම නිවලා උනත් උඩ තට්ටුවෙ එයාලගෙ අම්මගෙ කාමරෙ ලයිට් එක දාලා තිබුනා..වෙලහට තවම අර චූටි බෝම්බෙ ඇහැරන් ඇති....මං ලාවට ජනේලෙ ඇරලා තියලා ඇදට ඇවිත් බ්ලැන්කට් එක අස්සට රිංග ගත්තා .....ඇරපු ජනේලෙන් එයාගෙ හුරතල් කට හඩ ඇහේවිනෙ හෙට උදේට ..
🌞🌞🌞🌞🌞........🌞🌞🌞🌞🌞🌞
වෙනදා වගේම අදත් ලස්සනට ඉරපායලා තියනකොට ඇරිලා තියනකොට ජනෙලෙන් ආව සීතල හුලගත් එක්ක මං තවත් බ්ලැන්කට් එක ඇතුලට ගුලි උනා වගේම ඇස් ඇරපු තත්පරේම මට චූටි මල්ලි බබාව මතක් උනා...එයා තවම නැකිටලා නැතිව ඇති නැකිට්ට නම් එයාගෙ සද්දෙ ඇහෙන්න ගියා..ඒත් අද සද්දයක් නැති තැන මන් ආයම ගුලි වෙන ගමන් ඇස් පියා ගත්තා ......
පුතා......පුතා....ඔයා තවම නිදිද දරුවෝ...
දෙවනි පාරට නිදැගත්තු නිදා ගැනිල්ල ආයම ඇහැරුනෙ අම්මගෙ කටහඩත් එක්ක වෙනකොට මං වෙලාව බැලුවා ...අප්පො තවම දහයනෙ අප්පාවෙ ..
අනේ..මමා..තවම දහයනෙ.....
නැකිටලා එන්න දරුවො ඔය මදිද නිදාගත්තා ...
ම්හ්හ්ක්...
නැකිටින්න තියන කම්මැලි කම හින්දම මම බ්ලැන්කට් එක ඇතුලෙ ඇගමැලි කඩලා කඩලා අවසානෙදි යාන්තම් ඇදෙන් නැකිට ගත්තා ..අවංකවම මට නම් උදේට නැකිටිනවා කියන එක මරන්න ගෙනියනවා වගේ වැඩක් වෙනකොට තනි ඇහෙන් බාතෲම් එකට රිංගපු මම එහෙන් මෙහෙන් දත්මැදන් උඩින් පල්ලෙන් මූන හෝදගත්තා ...අද නිවාඩු දවසෙ හරි නම් දත් මදින්න හොද නෑ..කොහද ඉතින්..අම්ම එක්කත් බෑනෙ..අවංකවම දත් මැදලා කන එකට වඩා කාලා දත් මදින එක තමා හරිම...දත් මදින් නැතුව කෑවත් මට නම් අනේ කිසිම අවුලක් නෑ...ඔය මිනිස්සු බොරු සෝබනේට අමුතු රහක් එනවා කිව්වට මට නම් එහෙම ඇවිල්ලම නෑ...
YOU ARE READING
LIVING WITHOUT A HEART (Complete )
Fanfictionපොරොන්දු තියෙන්නෙ කඩන්න... හීන තියෙන්නෙ බිදින්න... මට උඹ උගන්නපු ලොකුම පාඩම ඒක විතරමයි...