39වන කොටස❤️💚

761 224 55
                                    

මම තවමත් උන්නෙ එයාගෙ ඇග උඩ වෙනකොට එයා මගෙ හිස කෙස් අස්සෙන් ඇගිලි අරන් ගියා...වෙලාව දැන් නම් හවස හතරත් පහු වෙලා ඇති....ඇයි ඉතින් මට ආයම නින්ද ගියා ....මගෙඉනෙන් පහල ඔක්කොම වේදනා දෙන්න පටන් ගත්තා ...ඇයි ඉතින් තනිකරම ගරිල්ලා සටනක් වගේනෙ..  එයාගෙ නිරුවත් උර හිස උඩ මම මූන ගහන් මගෙ ඇගේම බර එයාට දීලා තිබුනත් එයා වචනයක් වත් කිව්වෙ නෑ..එයා මගෙ කකුල් උඩ එයාගෙ කකුල් තියාගන මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා..

එයාට මාව බර බව දැන දැන උනත් මට එයාගෙන් ඈත් වෙන්න හිතුන් නෑ..ඒ වෙනමොකටත් නෙවෙ ඒ තරම් මම එයාගෙ සුවදට ලෝභයි..මේ සුවද මට මගැරුනා ..දවස් දෙක තුනකට උනත් මම ආස නෑ එයාව මගෙන් ඈතට යවන්න..

චබී ....පපා බරයි නේද ...

කමක් නෑ...මෙහෙම්ම තා චුට්ටක් ඉන්නකො...ඔයා අලගෝනියක් වෙලා පපා..

උඹ තමා කොයි වෙලෙත් ගිල්ලන්නෙ මට...මීට කලින් මං කොච්චර ලස්සනට මේ බොඩිය මේන් ටේන් කරන් උන්නද..

අපෝ ඔව්..මං තමා ඒ කටු බොඩිය හදලා ගත්තෙ ...හිපාටුවෙක් වගෙ උන්නෙ..හුලගක් ආවොත් ගහන් යනවා..මං හිතන්නෙ මුලු සර්වාංගෙම තිබුන හයිය ද කොහෙද  මෙන්න මෙතනට ගිහින් තියෙන්නෙ ..

චබී....හ්හ්හ්

ඇයි...ඇයි...ඇත්ත කියනකොට  අමාරුද කුකියො...ඔයාම හොදට බලන්න..අපි මැරිකරන්න කලින් ගත්තු හැම ඵොටෝ එකකම ඔයා උන්නෙ කැස් වටුවෙක් වගෙ..බොරුද මේ..තනිකරම ඇහැටුල්ලෙක් වගෙ..මේ මෙතන මේ..ගැඩවිලෙක් වගෙ..ආ..හෝව්..මේ...මෙතන මේ..මෙතන තනිකරම මැෆඩ් කවකට්ටක් වගෙ...මේ..මෙතන ඉදිලට්ටක් වගේ..

හැබැයි බබා උඹ මට තව එක වචනයක් හරි කිව්වොත් උනඩුකපුච්චෙ අල්ලලා සමනල ගැටයක් දානවා...

එයා හරි අමාරුවෙන් ඵෝන් එක අරන් මගෙ ඵොටෝ පෙන්න පෙන්න පුලුවාන් තරම් අපහාස කෙරුවා ..එයා කිව්වත් වගෙ මං කෙට්ටුයි...දැන් මගෙ කම්මුල් පිරිලා...මං මගෙ ඇගෙන් ආසම තවත් දෙයක් තිබුනා ...ඒ මගෙ ඉස්සරහට නෙරපු උගුරු ගැටෙ...ඒක කලින් හොදටම කැපිලා පෙනුනා...ඒත් දැන්...දැන් ඒක හොයන්න දැල් දාන්න ඕනා මේ කොල්ලා මට කන්න දීලා මාව ඌරෙක් කරලා ...ඇත්තටම  එයාට රසටම කෑම හදන්න පුලුවන් ..එයා කොයිම වෙලේකවත් මොන වැඩ තිබුනා උනත් මාව බඩගින්නෙ තිබ්බෙ නෑ...එයා හැම වෙලේම හැම දේම මග අරින්නෙ නැතිව මං වෙනුවෙන් කෙරුවා ..

LIVING WITHOUT A  HEART (Complete  )Where stories live. Discover now