19

588 59 5
                                    

#හිරිකඩක්_19

ඉඳින් ඔහුටත් නොදැනෙන, හදවතට බරක් දැනුන හැඟුමක අතරමංව හුන් නුඝාද් පියවි සිහියට පැමිණියේ ජෙරම්ගේ හඬට ය.

“බ්ලීඩ් වෙනවනම් මොනව බලන්නද අයිසේ... හොස්පිට්ල් අරන් යනවා!”

ඉංග්‍රිසි බසින් ජෙරම්ට බැනවැදුණ නුඝාද් එහෙමම පිටත්වූයේ ජෙරම්ට තවත් උපදෙස් කිහිපයක් ලබා දී ය.

හෝරාවක් පමණ ගෙවී ගියේ කලබලකාරී තත්පර, කුමක්දෝ බියක් දැනුනු තත්පරම නුඝාද් වටා ගෙවෙද්දී ය. නුඝාද් තම මිතුරා ශෙනුද් සමඟ උන්නේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අසල ය. එය වෛද්‍යවරයෙකු වූ නවීන් සේවය කරන රෝහල නිසාවෙන් ඔහු උන්නේ ධූර්යා  අසල ය.

ධූර්යාව ප්‍රතිකාර සඳහා ඇතුළට ගත් පසුව තවත් කිසිදු ආරංචියක් ඔවුනට ආවේ නැති ය. ශෙනුද් නෙතු යොමුවේ බර කල්පනවක නිරතව නොනවත්වාම ඒ මේ අත සක්මන් කරනා නුඝාද් මතට ය.

තම මිතුරාගේ වතෙහි තැවරී ඇති බැරෑරුම් බැල්මත්, අවුල් වූ හිසකේත්, කලබලකාරී හැසිරීමත්, නොයිවසිලිවන්ත කමත් ශෙනුද්ගේ සිතට එක් කළේ පුදුමයක් ය.

“නුඝා. වරෙන් ඉඳගනින් මෙතනින්.”

ශෙනුද් පවසන්නා වූයේ නුඝාද් නොනවත්වාම තමාට ඉදිරියෙන් එහා මෙහා යෑම ශෙනුද්ට හිසරදයක් මෙන් දැනෙද්දී ය.

“චහ්”

මුව පසෙකට ඇද කර නුඝාද් එය නොසලකා හරිද්දී ශෙනුද්ගේ උවනෙහි තැවරුණේ නොරිස්සුම් හැඟුමක් ය.

“උඹ ඔතන එහාටයි මෙහාටයි ගිහින් කකුල් දෙක ගෙවාගත්තා කියලා අමුතුවෙන් මොනවත් වෙන්නෑනෙ. මගෙත් ඔලුව කැරකෙනවා උඹේ සක්මන් කෙරිල්ලට.”

“ඔලුව කැරකෙනවනම් පලයන්.”

නුඝාද් හිතේ පීඩනයත් එක්කම ශෙනුද්ට වදන් වලින් ගසාදමනට වූයේ ශෙනුද් අත දිගුකර දෙතොල් පමණක් හොලවා ඔහුට පරුෂ වචනයකින් බැන වදිද්දී ය.

“ඒකිව මරන්න ඕනෙ කිය කියා මැරෙනකන් බලන් ඉන්නෙ කිය කියානෙ උඹ හිටියෙ. දැන් ඇයි ඉතින් ඒකි මැරෙන්න යද්දි උඹ මේ කලබල වෙලා?”

මුව කොණකින් සමච්චල් සිනහවක් රඳවාන ශෙනුද් විමසන්නට වූයේ නුඝාද් ශෙනුද් වෙතට තර්ජනාත්මක බැල්මක් හෙලද්දී ය.

හිරිකඩක්Where stories live. Discover now