06

685 62 3
                                    

#හිරිකඩක්_06

ඇයට දැනෙන්නේ ඇඟපත තලා දමා මෙන් තෙහෙට්ටු ගතියක්ය. යටිබඩ දෙසින් දැනෙනා රිදුම ඇය ගතටත් වඩා රිදවාලූයෙ සිතය.

තම නග්න ගත වටා බ්ලැන්කට්ටුව දවටාන ධූර්යා සයනයෙන් බැසගන්නට වූයේ අපහසුවෙන්ය. ඉඳින් ඇය සිරුරෙහි එම වේදනාවට මුල නන්නාඳුනන පිරිමින් තිදෙනා කියා සිහි වද්දී ඇයට දැනෙන්නේ තමාවම මරාගන්නටය. එය සිතට ඉහිළිය නොහැකි තරමේ පිළිකුලක්, අප්‍රසන්නතාවයක් හා වේදනාවක්ය.

“ම්හ්...”

සයනය පාමුල වූ පාපිස්නාව මත තම නග්න යටිපතුල් තබා සිටගනිද්දී ඇය මුවින් ඉබේටම කෙඳිරියක් පිටවූයේ යටිබඩ දෙසින් දැනෙන්නට වූ වේදනාවටය. වේදනාවෙන්, අපහසුවෙන් නානකාමරය දෙසට පියවර තබනා ධූර්යාගේ දසුන මත නතරව තිබූ නුඝාද්ගේ දෑස් නතරව තිබුණේ ඒ මතමය.

ඉඳින් ඇයට හිමි ඒ සියළුම ශාරීරික වේදනාවන් තමා ඇයට උරුම කර දුන් ඒවාය. හැකි උපරිමයටම ඇයව රිදවාලමින්, ඇය සිරුර මත තමා මුදාහල කෝපයේ ශාරීරීක පීඩාවන්ය.

මොහොතකට ඔහුට සිතුණේ බැරිවෙලාවත් තුයානා ජීවතුන් අතර සිටියානම් කියාය.. එසේනම් තමා මෙවැනි මෘගයෙකු වීම පිළිබඳව ඇය තමාට ශාප කරනු ඇතිය. ධූර්යා තමාට කළ වරද දැන උන්නද තුයානා පවසනු ඇත්තේ ඇයට සමාව දෙන්නට කියාය. ඒ තරමටම ඇය අවිහිංසක සංවේදී තරුණියක් වූවාය. කෙමෙන් කෙමෙන් ඔහු සිත තුළට ගොඩවදින්නට වූයේ වරදකාරී බවක් පිරුණු සිතිවිලිය.

“නෑ... she deserves it!”
(මේ වගේ දඬුවමකට සුදුසුයි ඒකිට!)

අවසන තම සිතට ගොඩවන්නට තැත් කළ වරදකාරී සිතිවිලි, අනුකම්පාව ආදී සියල්ලම ඔහු පළවා හරිනට වූයේ එලෙස මුමුණාගනිමින්ය. නමුදු ඔහුට ඉවත් කර දැමිය නොහැකි නොසන්සුන් සිතිවිල්ලක් ඒ සිත තුළ ඉතිරිව තිබුණේ හිතුවක්කාර විලසටය.

මලමිණියක සේ නානකාමරයට පියනැගූ ධූර්යා නානකාමරයේ දොර වසා දැමුයේ තෝන්තුවෙන් මෙන්ය. දොර වසා දැමූ තත්පරයේම ඇයගෙ වේදනාව හැඬුම් වී ඇහැරෙන්නට විය. නමුදු ඇයට කෑ ගසා හැඬිය නොහැකිය. අතින් මුව තදකර වසාන ධූර්යා එහෙමම දොර දිග පහළට රූරා වැටුණේ ගත රැඳි බ්ලැන්කට්ටුව ඈ පාමුල විසිරී යද්දීය.

හිරිකඩක්Where stories live. Discover now