05

760 65 2
                                    

#හිරිකඩක්_05

කඳුළු පිරෙන තත්පරයේ බොඳව යන, ඒ කඳුළු ඇහිදාර මත්තෙන් කොපුල් තල දෙසට රූරා යද්දී පැහැදිලි වන ඔහු රුව දෙස ධූර්යා නෙතු තබාගෙනම උන්නාය. වේදනාවම පමණක් පිරුණු සිතිවිලි එකින් එක ඈ සිත මත්තේ ගොඩගැහෙන්නට විය.

'ඇයි සර්? මෙච්චරම දෙයක්? මං කොහොමද දරාගන්නේ?'

අලුතින් කඳුළු උනද්දී ඈ මුමුණන්නට වූයේ හිතින්ය. ඉඳින් ඔහු තම ආත්මයම විනාශ කර දමා අවසන්ය. ඒ ආත්මයම ඔහු නමින්ම පේවී තිබූවක් බව දන්නේ තමාම පමණක්ය. අසීමාන්තිකවම, තමාවම කැපකරන තරමටම මේ පිරිමියාට තමා ප්‍රේම කළ වගක් දන්නේද තමාම පමණක්ය.

'මං දන්නවා මම එදා වැරදියි!

ගොඩක් වැරදියි... මං කරේ සමාව දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි... ඒත් දෙයියනේ සර් දැක්කෙ එක පැත්තයි!

සර් මගෙ අසරණකම දැක්කෙ නෑ! එහෙම අසරණ නොවුණනම්, මට කරන්න දෙයක් තිබ්බනම් මම කවදාවත් එහෙම කරන්නෑ...'

ඉඳින් තම මුව වසාලන රෙදිකඩ ඉවත්කර තිබුණද ඇයට ඔහු ඉදිරියේ මෙම වදන් හඬක් කර මිමිණීම කළ නොහැක්කක්ය...

'ඒත් ඇයි සර් මෙහෙම කරේ....ඇයි?

කෙල්ලෙක්ගෙ ගෞරවය තිරිසන්නු තුන්දෙනෙක් අතින් විනාශ කරලා දාන්න සර් වගේ කෙනෙක්ට පුළුවන් වුණේ කොහොමද?'

ඉඳින් ඇයව තදින්ම රිදවන වේදනාව එයය. මේ තමා ප්‍රේමකළ නුඝාද් නොවේය. කිසිසේත්ම ඔහු නොවේය. තමා ප්‍රේමකරනා නුඝාද්ට කිසිදිනෙක එවැන්නක් සිදුකළ නොහැකිය. ඒ තරමටම ඔහු මහත්මා ගුණ ඇත්තෙක්ය.

මුවකොණකින් වියරු සිනහවක් යන්තමට සටහන්ව තියෙද්දී නුඝාද් තම දෙනෙතෙහි නවාතැන්පල කරලූයේ ඈ කඳුළු වගුරනා දෙනෙතය. සැලෙන ඇහිපියන් අතරින් තමා මත්තේම නෙතු තබන් හිඳිනා ඇයගේ දෙනෙත් තුල වූ හිස්, ශුන්‍ය බැල්ම නෙතගැටුණු තත්පරයේ නුඝාද්ගේ හිතට දැනුනේ අමුතු හැඟීමක්ය.

එය ඔහුටත් වටහාගත නොහැකි හැඟීමක්ය. මිලිතප්පර කිහිපයක් ඒ නොතේරෙන හැඟුමේ අතරමංව ඔහු නිසොල්නෙහි උන්නේ දෙබැමද මදක් රැළිව යද්දීය.

හිරිකඩක්Where stories live. Discover now