33

623 62 3
                                    

#හිරිකඩක්_33

නුඝාද්ට මැවී පෙනුණේ ඊට දෙසතියකට පෙර තමා ඇයව අවසන් වරට දුටු දිනයෙහි උදෑසනය. මෙම නිල්පැහැ ගවුම වත දවටාන ඇයට යන්නට දෙන්නටයැයි පවසා ධූර්යා හඬා වැටුණ අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය. ඉඳින් තමා පියෙකු බව පවසා දරුවෙකුත් තමා අත තබා ඈ යන්නට තැත් කළේද මේ ගවුම හැඳගෙනමය.

"නෑ.  තමුසෙ නෙමෙයි. තමුසෙ වෙන්න එපා ධූර්යා! මේ තමුසෙ වෙන්න එපා."

දෝතෙහිම දෑඟිලි වලින් මුහුණ දිගේ පහළට ඇදගනිමින් නුඝාද් මුමුණන්නට වූයේ ඔහුගේ ළය වේගයෙන්ම ගැහෙද්දීය.

"ඇයි මූණ කවර් කරලා මට බලන්න ඕනේ."

අනතුරුව හුස්මක් හෙළා නුඝාද් පැවසූයේ අසල හුන් පොලිස් භටයාටය.

"ඇත්තම කියනවනම් මිස්ටර් බොඩි එකේ මූණ ඩැමේජ් වෙලා.. ඒක සර්ට බලන්න අමාරුවෙයි."

ඒ වදන් නුඝාද්ගේ හිත සලිත කරලූයේ අපූරුවටය.

"දවස් ගාණක් බොඩි එක වතුරෙ තිබිලා. අනුමාන කරන විදියට ගඟේ මාලු කාලා ඩැමේජ් වෙලා කියලා හිතන්නේ.

බට් මෙයාගෙ ඇඟට කිසිම හානියක් වෙලා කියලා පේන්නෙ නැති නිසා සැකයක් තියනවා. මූණෙ තත්වෙ සෑහෙන්න නරකයි."

ඉඳින් එවදන් ඇසෙද්දී සිදුවූයේ නුඝාද්ගේ බිය වැඩිවී යාමය. මාලු මුහුණ පමණක් ආහාරයට ගන්නට හේතුවක් සිතාගත නොහැකිය. ඔහුට දැනුණේම සැලසුම්සහගත දරුණු මිනීමැ|රුමක සේයාවන්ය. මෙය මිනීමැ|රුමක්නම් මේ ධූර්යාද යන සැකය යළි යළිත් හිතට තට්ටු කරද්දී නුඝාද් හිස එසවූයේ හුස්මක් හෙළමින්ය.

"ඔෆිසර්. මට එයාව බලන්න ඕනෙ."

ධූර්යා නමින් සිතෙහි කෙතරම් වෛරයක්. තරහවක් තිබ්බද ඒ මොහොතේ ඔහුට ඒ හැඟීම් තිබූ තැනක්වත් සොයාගත හැකිවූයේ නැතිය. සිතෙහි වූ එකම හැඟීමනම් මේ ඇය වන්නට එපා කියනා හැඟීමම පමණක්ය.

"මෙයාට පෙන්නන්න."

මෘත දේහය අසල වූ අනිත් නිලධාරියාට උසස් නිලධාරියා අණ ලබාදෙද්දී ඔවුන් මුහුණ ආවරණය කර තිබූ රිදී පැහැයට හුරු සුදුපැහැ පොලිතීන් ආවරණය ඉවත් කරන්නට වූයේ නුඝාද් බලාපොරොත්තු නොවූ තරමේ දරුණු දෙයක් නෙතට හසුවද්දීය.

හිරිකඩක්Where stories live. Discover now