#හිරිකඩක්_56
(පොඩි කොටසක් ළමයි.)
වරෙක ඈ අබියසදී ළය වෛරයෙන් ගිණියම් වමින් තිබුණේය. ඒ ගිණිදැල් වලින් ඔහු ඇයව නිරන්තරයෙන් දවාලූයේය. නමුදු....
ඉන් පසුව ගෙවුණු කාලය තීරණාත්මකය. තුයානාගේ අහිමිවීම දරාගත නොහැකිව බලාපොරොත්තුවක් නොවූ අයාලේ දිව ගිය නුඝාද්ගේ සිත පාමුළට පිය සෙනෙහසක් ගෙනැවිත් තැබුවේ ඇයය. ඉඳින් සිඟිත්තිය සුරංගනාවියක්මය.
ඇය ඔහු දෝතට පැමිණියේම පණ අදිමින් මියැදෙමින් හුන් ඔහු හදවතට හුස්ම අල්වමින්ය. අයාලේ විසිර යමින් තිබූ ඔහු සිතට නව වගකීමක් පුරවමින්ය.
ඉඳින් එතැන් පටන් සිදුවූ දෑ නම් බොහෝය. ගෙවී ගිය කාලය අවසන දැන් ඔහු වෛරයෙන් දැවෙන හිතට සිසිලසක් දැනෙමින් තිබෙන්නේය.
දින ගෙවී යමින් තිබුණේය....
"ඡායා කෝ බබා?"
දින කිහිපයකට පසුව කාර්යාලයේ සිට නිවසට පැමිණි නුඝාද් විමසූයේ දරුවා පෙනෙන්නට නොසිටිද්දීය. වෙනදාට නුඝාද් කාර්යාලයේ සිට නිවසට පැමිණෙනා වේලාවට දරුවා බලන් හිඳිනවා ය.
"මෑම්ගෙ කාමරේ සර්..."
සේවිකාව පවසද්දී නුඝාද්ගේ දෙබැම රැළිවූයේ ඉබේටමය.
"තනියම?"
"නෑ සර් ලීලා නැන්දා කාමරේ ඉන්නවා."
නුඝාද්ගේ හිතට සහනයක් දැනුණේ එවිටය. දරුවා වැටුණු සිදුවීමේදීත්, ධූර්යාව සොයාගැනීමට අපහසු වූ සිදුවීමෙනුත් පසුව නුඝාද් සේවිකාවන් දෙදෙනාවම කැඳවා ඔවුනට විය යුතු සියල්ල පහදාදී කළ තර්ජනාත්මක අනතුරු ඇඟවීමෙන් පසුව සේවිකාවන් දෙදෙනා කටයුතු කරන්නේ ප්රවේශමෙන්ය. නුඝාද් කාර්යාලයට යාමට ගත්තේද දින කිහිපයක් ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කර බලා නිවසෙහි තවත් බොහෝ තැන් වල සීසීටීවී කැමරා සවි කිරීමෙන් පසුවය. නමුදු ඔහුට තවමත් විටෙක සේවිකාවන් දෙදෙනා මුග්ධ ලෙස හැසිරේවියැයි බියය.
තවත් මොහොතකින් නුඝාද් කුඩා නිවහනෙහි ධූර්යාගේ කුටියට ඇතුළු වද්දී එහි හුන් වැඩිමහලු සේවිකාව ලීලා කුටියෙන් පිටත්ව යන්නට විය.
YOU ARE READING
හිරිකඩක්
Romanceවෛරයම පිරුණු හිතකට, ඉහේවිද දිනෙක ප්‍රේමයෙන් පිරුණු හිරිකඩක්? විඳීවිද ඔවුන් දිනෙක, වේදනාවෙන් අවශේෂ වූ ප්‍රේමයක්? නුඝාද් ❤️ ධූර්යා