58

697 74 9
                                    

#හිරිකඩක්_58

ඔහු මේ ඇයෙගේ දෙතොල් පහස ප්‍රේමයෙන් වින්දාමය. අතීතයේ ඔවුන් අතර හුවමාරු වූ භෞතික බැඳීම් වූවානම් ඒ ධූර්යා බලෙන් නුඝාද්ට ළං වූ රාත්‍රිය හෝ නුඝාද් ඇයගෙන් පළිගැනීමට ඇයව තලාපෙළා දැමූ මොහොතවල්ය.

නමුදු දැන් ඔහු හදවත අභ්‍යන්තරයේ ඇය නමින් රෝපණය වී තිබෙණා හැඟුම ප්‍රේමයෙන් බරැති හැඟුමක්ය. එය ඔහු හදවතම පමණක් නොව ආත්මයම සිහිලසකින් දොවා දමනා සෞම්‍යය හැඟුමක්ය.

ඉඳින් තත්පර ගෙවෙන වගක් ඔහුට නොදැනුණේය. ඇයගෙන් ආපිට සිපගැනුමක් නොමැති වුවද ඔහු ඈ දෙතොල තම සන්‍තකයේ තබාන වින්දේය. ඇයට වැටහීමක් නැති මුත් බිඳෙන් බිඳ ඈ අවසිහියෙන් වුවද යළිත් නුඝාද් වෙතටම බැඳෙමින් උන්නාය.

පියවි සිහියෙන් සිටි කළ දුර ඈත තරුවකට සේ ඔහුට පෙම් කළ ඇය, ඔහු වෙනුවෙනුත් ඔහුගේ ලෙයින් කුස තුළ පණ ගැහෙනා දරු පැටවා වෙනුවෙනුත් අසීමාන්තික කැපකිරීම් කර ජීවිතයේ කටුකතම ඉසව්වකට ඇද වැටුණ ඇය යළි යළිත් ඔහුටම බැඳෙමින් උන්නාය. ඉඳින් ප්‍රේමය එලෙසය. සිහියෙන් උන්නද අසිහියෙන් උන්නාද ඔහුව හදවතට එක ලෙසින්ම දැනෙණවා විය යුතුය.

"ම්..."

ඉඳින් හදවතෙහි හැඟුමන්ගෙන් බරව ගිය හාදුවක ආවේගකාරී රිදුමක් ඈ දෙතොල් මත්තේ සංවේදනය යද්දී ඒ මුවින් සිහින් කෙඳිරියක් නැඟුණේ හෙමිහිටය.

"හ්හ්!"

ඉඳින් සිහිනයක අතරමංව මෙන් හුන් නුඝාද්ව පියවි සිහියට ඇද දැමූයේ ඇයගේ ඒ හීන් කෙඳිරුම වද්දී ඔහු ඒ ලවන්පත් මතින් මෑත් වූයේ විදුලියක පරිද්දෙන්ය.

ඔහු කලබල දසන් වලට හීරී ගිය යටිතොලෙන් දැනෙණා රිදුමත් සමඟ ධූර්යාගේ අතැඟිලි යටිතොල මත නතරව ගියේ හෙමිහිටය. වරදකාරී හැඟීමක් දැනෙද්දී නුඝාද් ධූර්යා දෙසට නෙතු යොමූවේ කලබලයෙන්ය. ඉඳින් මොහොතකට පෙර ඔහු තමාව සිපගත් වගවත් හරි ආකාරයෙන් නොවැටහුණු මුත් ඇය ඒ පහසට කැමැත්තක් දැක්වූවාය. නමුදු දැන් දෙතොලින් දැනෙණා රිදුමටනම් ඇය අකමැති හැඩය.

ඒ සිහින් ඇඟිලිතුඩු තවමත් රිදුම් දෙන යටිතොල මත්තේ තබාන තිගැස්සුම් බැල්මක් තමා දෙසට යොමුකරගෙන හිඳිණා ධූර්යා වෙතට නුඝාද් කිට්ටු වූයේ එය පිරික්සන්නටය.

හිරිකඩක්Where stories live. Discover now