43

636 62 5
                                    

#හිරිකඩක්_43

සුවපහසුව, දින ගණනාවකින් කුස පිරීම සමඟ ධූර්යාගේ නින්ද බොහෝ දිගු වූයේ පසුදින උදෑසනත් ඇරඹෙද්දීය. නමුදු අවදිවුණ මොහොතේම ඇය හුන් නිවස තුළ ඇතිවූයේ මහත් කලබගෑනියක්ය.

"මගෙ දරුවා...

මගෙ දරුවා නෑ...."

සයනයේ ඇඳ ඇතිරිලි ඇද දමමින් ඇය උමතුවෙන් හැසිරෙන්නේ එතරම් දවසක් දරුවා යැයි සිතා ඇය තම තුරුළේ හොවාන රැකි රෙදි ගුලිය කොතනකවත් නොවෙද්දීය. පෙර දින රාත්‍රියේ උණ ගතියත් තෙහෙට්ටුවත් නිසාවෙන් හෝන්දු මාන්දු වී හුන් ඇයට තමා වටා සිදුවන දෑ පිළිබඳ පෙනුණේ උදෑසනය.

සේවිකාවන් දෙදෙනාම පැමිණ ඇයව සන්සුන් කරලන්නට තැත් කළත් ධූර්යා ඔවුනටත් බියපත්ව කෑ ගසන්නට විය.

"මිස්... කලබල වෙන්න එපා... අපෙන් ඔයාට කරදරයක් නෑ."

සේවිකාව ඉංග්‍රීසි බසින් එලෙස පවසමින් ධූර්යා අබියසට පියවර ඇහින්දද එයින් වූයේ ධූර්යාව තවත් කලබලයටත් බියටත් පත් වීම පමණක්ය.

"මොකක්ද මේ කලබලේ?"

ඉංග්‍රීසි බසින් එලෙස විමසමින් කුටියට පැමිණියේ ඩැරන්ය.

පෙර දිනට පෙර දින, එනම් කැළයේදී ඇයව හමුවුණ දින මේ නන්නාඳුනන තරුණිය තමා අතින් මගහැරීම පිළිබඳව මුළු රාත්‍රිය පුරාම ඩැරන් උන්නේ මහත් කනස්සල්ලකින්ය. ඇය කුමක් හෝ මානසික ආබාධයකින් පෙළෙනා වග ඔහුට වැටහී තිබුණේ ඈ හැසිරීම නිසාවෙන්ය.

ඇයව අයිතිකරුවන් සොයා බාර දෙන්නට තිබුණ අවස්ථාව මගහැරුණේ තමාගේ නොසැලකිල්ල නිසාවෙන් වග සිත දොස් නගන්නට විය. එමෙන්ම ඇය වන්නියකට ලන්ඩනයේ රැකෙන්නට නොහැකි වග ඔහුට වැටහිණ.

ඉඳින් පෙර දින අළුයමම ඩැරන් ලන්ඩනය බලා
පිටත්වූයේ ඔහුගේ ගමට තරමක් යාබදව තිබෙනා දුම්රිය නැවතුමපල දක්වාය. එතනින් ලන්ඩනය දක්වා දිවෙන සීඝ්‍රගාමී මගී දුම්රියට ගොඩවුණ ඔහු ලන්ඩනයට සේන්දු වූයේය.

දුම්රිය නැවතුම්පලෙහි ජෝන්ගේ හිතවතෙකු හුන් නිසාවෙන් එවන් තරුණියක් පෙර දින පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ හුන් වගත් ඇයව එයින් පිටතට දැමූ බවත් ඇය ඇවිද ගිය දිශාවත් ඩැරන්ට පහසුවෙන්ම දැනහත හැකි විය.

හිරිකඩක්Where stories live. Discover now