24

552 50 1
                                    

#හිරිකඩක්_24

දින කිහිපයක් ගත විය. ඒ දින කිහිපය තුළ නුඝාද්ව යළිත් ධූර්යා ඇහැට හෝ දුටුවේ නැතිය. ඇල්මැරුණු ස්වභාවයකින් හුන් රැකියාවට යමින් එමින් යළිත් සුපුරුදු ඒකාකාරී ජීවිතයට හුරුව උන්නාය. නමුදු ඇය සිත තිබුණේ දරාගත හැකි අන්තයටත් වඩා බිඳී ගොසින්ය.

ඒ නුඝාද් ඇයව කායිකව රිදවූවාටත් වඩා ඇයව වදනින් රිදවූ රිදුම් ප්‍රබල නිසාවෙන්ය. ඔහුගේ සිතේ තමා හිඳින්නේ කෙතරම්නම් පහත් ස්ථානයකදැයි ඇය දැන් හොඳින්ම දන්නවාය. එය ළය පාරවාලන වේදනාවක්ය.

නුඝාද්ගේ පසෙහිත් ලොකු වෙනසක් වූයේ නැතිය. ධූර්යා මතින් කෝපය රිසිසේ මුදාහල විට, ඇයට රිදවූ විට, ඇයගෙන් පළිගත් විට සැනසීමක් ලැබේවියැයි සිතුවද එය කිසිසේත්ම එසේ වූයේ නැතිය. ඒ දින කිහිපයේම නුඝාද් උන්නේ බීමතින්ය. තමා යලිත් ධූර්යාව සොයා යාවියැයි බියෙන් නුඝාද් උන්නේ එක්කෝ නවීන් සමඟ එසේත් නොමැතිනම් ශනුද් සමඟය.

“මං යනවා. අදවත් නැගිටලා කාපන්. කෑම හදලා තියෙන්නේ.”

තම මිතුරා කෙරේ තරමක කෝපයෙන්ද කළකිරීමෙන්ද හුන් නවීන් පවසන්නට වූයේ සෝපාව මත නිදන් හුන් නුඝාද් අබියසට පැමිණෙමින්ය. හුස්මක් හෙළා රිදුම් දෙන හිසත් සමඟ සෝපාවෙහි වාඩි වූ නුඝාද් දෝතින්ම හිස බදාගත්තේ රැකියාවට පිටත්ව යන්නට යන නවීන් දෙසට කෙටි බැල්මක් හෙළමින්ය.

යන්නට ගිය නවීන් යළිත් ආපිට හැරුණේ නුඝාද්ව එලෙස දමා යාමට සිත් නොදුන් නිසාවෙන්ය. එහෙමම ගොස් ශීතකරණයෙන් දෙහි යුෂ පානයක් ගෙන වීදුරුවකට දමා ගෙනවිත් නුඝාද් ඉදිරියෙන් වූ වීදුරු ස්ටූලය මත තැබුවේ හඬින්ය. දෑත් මත හිස හොවාගෙනම නුඝාද් නවීන් දෙසට නෙතු යොමුවේ වරදකාරී හැඟීමක් හිතට දැනෙද්දීය.

“මම දන්නෙ මෙච්චරයි බන්. උඹේ ඔය රෙ*දෙ පළිගැනීම කෙසේවෙතත් තව ටික දවසකින් උඹ බීලම දියවෙලා යයි.”

නවීන් පවසන්නට වූයේ කෝපය නොඅඩුව මුසු වූ ස්වරයකින්ය.

“මං දන්නෑ නවියා... ඒකි.. ඒකි නිසා මම නරුමයෙක් වෙලා!”

නුඝාද් පවසද්දී නවීන්ගේ මුව කොණක ඇඳුණේ සමච්චල්සහගත සිනහවක්ය.

හිරිකඩක්Where stories live. Discover now