08

696 73 4
                                    

#හිරිකඩක්_08🩶

ඉඳින් ඔහු එතරම්ම ඇයට වෛර කරනවානම් ඇයව අතහැර දැමිය යුතු නොවේද? ළය අභ්‍යන්තරයේ තෙරපෙන හැඟුම් ගොන්න අතර කුමක්දෝ හිතුවක්කාර හැඟුමක් කළේම ඔහුව වියවුල් කර දැමීමය.

“ඩැනියල්...කම් ඉන්සයිඩ්...”

ඔහු අතින් ධූර්යාව ගිලිහෙන්නට දුන්නේ නැතිය. අනෙක් කුලී සේවකයාට කුටියට කතාකර, ඔහුට ජෝජ් ගැන බලන්නටත් රෝහලකට නොගොස් වෙන ස්ථානයකින් ප්‍රතිකාර කරනා ලෙසටත් උපදෙස් දුන් නුඝාද් ධූර්යාව ඔසවාගත්තේ තම දෑත් මතටය. කුමක්දෝ හේතුවකට ඒ මොහොතේ ඔහුට තිබුණේ හිත තුළ වූ වෛරය අමතකව ගොසින් මෙන්ය.

ඇයව සයනය මතින් තබා සුදු ලෝගුව හැඳි පුද්ගලයාට ඇයව පරීක්ෂා කරන්නට පැවසූවත් ඔහු පවසන්නට වූයේ තමා වෛද්‍යවරයෙකු නොවන නිසාවෙන් ඒ පිළිබඳව වැටහීමක් නැති බවටය. වතුර ටිකක් ඉස දැමූ පසුද ධූර්යාට සිහිය නොඑද්දී ඔහුට දැනුනේ යම් තිගැස්මක්ය.

“මෙයා ෆේන්ට් වෙන්න ඉම්ප්ලාන්ට් කරපු චිප් බලපානවද?”

නුඝාද් ඉංග්‍රීසි බසින් විමසන්නට වූයේ එම නීතිගත නොවන රහස් මධ්‍යස්ථානයක් පවත්වාන යන සුදුලෝගු හැඳි පුද්ගලයාගෙන්ය. ඔහු මහාචාර්යවරයෙකු ලෙස ජීවිකාව ගෙන යමින් රහසේම නොයෙක් නීතිවිරෝධී කාර්යන් වල නිරත වන්නෙක්ය.

“ඇඟට පිටස්තර දෙයක් ආවම ගොඩක් ඉමියුනිටි සිස්ටම් එකෙන් ඒක රිජෙක්ට් කරනවා. හැබැයි මේ මයික්‍රොචිප්ස් හදලා තියෙන මැටීරියල්, ඒ වගේම ඒකෙ ටෙක්නොලොජි එක නිසා රිජෙක්ට් කරන සම්භාවිතාව සෑහෙන්නම අඩුයි...

චිප් එකක් ඉම්ප්ලාන්ට් කරාම රිජෙක්ට් කරන සිම්ප්ටම්ස් එන්න ටිකක් වෙලා යනවා. සාමාන්‍යයෙන් ෆේන්ට් වෙන්නෙ නෑ.”

ඉඳින් තවත් මොහොතක් බලා උන්නද ධූර්යාට සිහිය නොඑද්දී නුඝාද් ඇයව රැගෙන විත් තම කාරයට දමාගත්තේ එහි උන් තම හොඳම ශ්‍රී ලාංකික මිතුරෙකුට ඇමතුමක් ගනිමින්ය. ඔහුට හදිසියක් කියා තම නිවසට පැමිණෙන්නටයි පැවසූ නුඝාද් එහි යන්නටත් පෙර ඔහු උන්නේ නුඝාද්ගේ නිවස අසලය.

“මම උඹලගෙ ගේ ගාව ඉන්නෙ නුගා...”

“උඹ ආවද? මම මග...හිටපන්.”

හිරිකඩක්Where stories live. Discover now