04

784 77 2
                                    

#හිරිකඩක්_04

ඇයට ආඝ්‍රාණය වූයේ කුමක්දො අමිහිරි සැර ගන්ධයක් මුහුවූ කුටියෙහි වාතයය. ඉඳින් සයනයට කර බැඳ දමා තිබූ නිසාවෙන් ඇයට රිසිසේ තම වේදනාව පිටකරගන්නටත් නොහැකිය. එකම එක හේතුවක්, නොඑසේනම් එක වාගේම හේතු දෙකක් හැරෙන්නට ධූර්යාට දැන් ජීවත් වන්නට එකදු බලාපොරොත්තුවක් හෝ නැතිය.

ඉඳින් තම ආත්මයම ඇහැටවත් නොදුටු නාඳුනන පිරිමි තිදෙනෙකු අතින් කෙලෙසී ගිය පසුත් ඈ කෙසේනම් හුස්ම අල්ලන්නද?

'නුඝාද් සර් ඔයාට මෙහෙම නොකර ඉන්න තිබ්බා...

ඇයි මාව මරලා දැම්මෙ නැත්තේ?

මේ තරම් ජරා විදියට මගෙන් පළිගන්න තරම් ඔය හිත දරුණු වුණේ කොහොමද දෙයියනේ...'

ඉඳින් පිළිකුල... ඇයට දැනෙන්නේ තම සිරුරේ අංශුවක් ගාණේම දැරිය නොහැකි තරමේ පිළිකුලක්ය. ඔවුන් තමාව ස්පර්ෂ කළ තැන්වල සම ගලවා දමන්නට මෙන් අසහනකාරී හැඟීමකින් මුළු සිතම ගතම වෙලාගෙනය.

අඩුම තරමේ තම අපිරිසිදු ගත නොනවත්ම සෝදා දමන්නටවත් අවැසිය. ඉඳින් ඔවුන් ස්පර්ෂ කරලූ ස්ථාන මත පිළලක් මෙන් ඒ ස්පර්ෂ කරලූ මතකයන් ඉතිරි වීලාය.

ගැහැණියකගේ පිරිසිදු ආත්මයක් විනාශ කරන්නටම අවැසි නැතිය. එකදු එක බලහත්කාර ස්පර්ෂයක් කන්තාවකගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කර දමනවාය. ඇයගේ මුළු හිතම දරාගත නොහැකි අඳුරු මූසල මතකයකින් වසා දමන්නේ ඇතැම් විට මියයන තුරාවටම එම අමිහිරි මතකය අමතක නොවනා ලෙසට හදවතෙහි නිදන් වීගෙනය.

වෛරයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසාවෙන් කාන්තාවකට වේවා පිරිමියෙකුට වේවා දරුවකුට හෝ වේවා බලහත්කාරකම් කරන්නෙකුට ස්වභාවධර්මයාගෙන්ම දරුණු දඬුවම් හිමිවිය යුතුය... බොහෝ විට හිමිවනවාමය.

ඉඳින් ධූර්යා පෙර දිනෙක නුඝාද්ටත් සිදුකළේ එවැන්නක්ම නොවේද? ඔහුගේ අකමැත්තෙන් පිළිකුලෙන් ඔහුව ස්පර්ෂ කරලූවා නොවේද? අද මෙන්ම එදා ඔහුටත් සිදුවූයේ එක හා සමාන යමක් නොවේද...

'නෑ... එයා පිරිමියෙක්! මේ ගැහැණියෙක්...'

එවන් සාධාරණීකරණයක් ඇත්තෙන්ම උචිතද? නැත... කිසිසේත්ම එය සාධාරණීකරණය කළ නොහැක. සිදුවූ සිද්ධීන් ද්විත්වයම වරදවල්ය.

හිරිකඩක්Where stories live. Discover now