22

559 54 0
                                    

#හිරිකඩක්_22
(කතාවට ඉමොජි ස්ටිකර් එපා.ඒවගෙන් කිසි මෝටිවේෂන් එකක් එන්නෙ නෑ. අනික් කමෙන්ට් කියවගන්න කරදරයක් විතරයි.)

ඉඳින් ඔහු අතැඟිලි ශීතලය. නමුදු ඇයගේ බියෙන්, පුදුමයෙන් ගැහෙනා හදවත තරම්නම් ඉන්තේරුවෙන්ම ඒවා ශීතල නැතිය.

“හ්ග්...”

ඉඳින් ඔහු උමතුවෙන්ද? ඇයට සිතුණේම එලෙසින්ය. ඔහුගේ අතැඟිලි මදක් රළුව ඇය උදරය දිගේ ඉහළට එද්දී සත්තකින්ම ඇයට තමා ආශ්වාස ප්‍රාශ්වාස කළ යුතු බව අමතකව ගියාය.

ඔහුගේ බැල්ම අමුතුය. කෙදිනකවත් ඇය දැක නොමැති තරමට ඇත්තෙන්ම අමුතුය. ඈ ළමැද මත්තෙන් උවන මතට විත් ධූර්යාගේ දෑස් අද්දර නැවතීගත් නුඝාද්ගේ බැල්මෙහි වූයේම ඇයව ඒ තුළට ඇදී යන කුමක්දෝ අයස්කාන්ත හැඟුමක්ය.

තප්පර ගෙවෙන්නට වූයේ කෙදිනක හෝ නොදැනුණු හැඟුම් ළයට හෙමිහිටම රිංගාගද්දීය. ඉඳින් මධුවිතෙන් පමණක් මත්ව හිඳිනා නුඝාද්ව ඇය නාරි රටාත් හෙමිහිටම මත් කර දමනවාය. ඇයගේ නිවහනට ඇතුළු වූ මොහොතේම

මොහොතකට ලෝකයම අමතකව යද්දී ධූර්යා උන්නේ අසිහියෙන් මෙන්ය.
මොහොතේම ධූර්යාව නුඝාද්ගේ නෙත ගැටුණු ආකාරය නිසාවෙන් හෙමි හෙමින්ම ඔහුගේ හැඟුම් කිතිකැවෙන්නට විය. නමුදු ඔහු ඇයට බැනවදිමින් තමාව පාලනය කරගන්නට උත්සහ දැරුවේය. නානකාමරයට ගොස් ගත දොවාගත්තේද හිතට දැනෙනා සිතිවිලි වලින් මිදීමට සිතාගෙනය.

ඉඳින් ඇයව මෙහිදී හමුවූ මුල් දිනයේදී අසිහියෙන් උන් ඇය හා ඔහු දුරකට ගියේ කෝපය ඈ මතින් මුදාහැරීමටය. ඇයට රිදවීමටය. නමුදු ඔහු පිරිමියෙක්ය. ඇය සිරුර ඔහු වින්දේ නැතැයි කිවහොත් එය අමූලිකම මුසාවක්ය.

ඉඳින් මොහොතකට පෙර ඇයව සයනය මතට තල්ලු කර දමද්දී දෙපසට විහිදුණු සළු මතින් යළිත් ඈ නාරි රටා ඔහු නෙත් මානයේ නිරාවරණය වද්දී ඔහු හැඟුම් සිමා ඉහිරී යන්නට වූයේ ඔහුටත් නොදැනීමය. මධුවිතෙන් පමණක් මත්ව හුන් ඔහු නුරාවෙන් මත්ව යන්නට වූයේ පාලනය කෙමෙන් නුඝාද් කෙරෙන් ගිලිහී යද්දීය.

“ස්..සර්!”

ඔහුගේ නෙතු අඩවන් වී ගොසින්ය. ඈ උදරයෙහි තුනී සළු මතින් සංවේදනය වන නුඝාද්ගේ අතැඟිලි වල ශීතල ස්පර්ෂය හමුවේ ඇයට මිමිණෙන්නට වූයේ බිය මිශ්‍රිත කුමක්දෝ නුහුරු හැඟුමක් හදවතට දැනෙද්දීය. හෙමිහිටම ඈ උදරය දිගේ ඉහළට ඇදී එන නුඝාද්ගේ අතැඟිලි වල ග්‍රහණය වැඩි වද්දී ධූර්යා ඔහුගෙන් මෑත් වන්නට තැත් කළේ තිගැස්සීගෙනය.

හිරිකඩක්Where stories live. Discover now