07

692 69 4
                                    

#හිරිකඩක්_07

ඊළඟ මොහොතේදී ධූර්යාගේ තොලකට පවා වියැළී යන්නට වූයේ දෑසෙහි ගැටුණු යම නිසාවෙන්ය.

“ස්...ස..ර්??”

වෛද්‍යවරයා වන් පුද්ගලයා සැත්කම් සඳහා භාවිත කරන ශල්‍ය උපකරණ සහිත බන්දේසියක් ගෙන අසල වූ රිදී පැහැ මේසය මත තබද්දී ධූර්යාට මිමුණුනේ ඉබේම. එයිනුත් සැත්කම් පිහියක් ඔහු පිටතට ගනිද්දී ධූර්යාගේ සිත සලිතව යන්නට වූයේ එසේ මෙසේ බියකින්නම් නොවේය.

“ම්.මොක..ක්ද ක්..කර..න්..න යන්නේ?”

සැත්කම් පිහිය ගෙන සුදු ලෝගුව හැඳගත් පුද්ගලයා ධූර්යාගේ වමත අසලට නැවෙද්දී ඇයගේ මුවින් පිටවූයේ වෙවුලන හඬක්ය. ඇය තම දෑත් පසුපසට ඇදගන්නට කෙතරම් වෑයම් කළද ඒවා තිබුණේ සයනයට තදව වළලුකර අසලිනුත් වැලමිට අසලිනුත් තදින් බැඳ දමාය.

“ආ...හ්”

නමුදු ඊළඟ මොහොතේදී සිතන්නටත් වේලාවක් නොතියා එම සැත්කම් පිහිය
ධූර්යාගේ අතෙහි ඇතුල්පැත්තෙහි මැණික් කටුවටත් වැලමිටටත් අතරමැද පෙදෙසෙහි කැපුමක් යොදන්නට වූයේ සිරස් අතටය. අඟලකට වඩා මදක් අඩුවෙන් එම කැපුම සිදුකළද ඇයට කෑ ගැසුනේ හම අමුවෙන්ම කැපෙද්දී දැනෙන වේදනාවටය.

“ආව්... අනේ එ..පා..”

ඇයගේ අත සොලවන්නටවත් නොහැකි වූයේ  එම සයනයෙහි වූ ලෝහයට තබා තදින් බැඳ තිබූ හෙයින්ය. ඇයට හැකිවූයේ හැඬීම, කෑ ගැසීම පමණක්මය.

ඇයගේ අතින් රුධිරය වෑස්සෙද්දීත්, ඇය වේදනාවෙන් පීඩා විඳිද්දීත් නුඝාද් උන්නේ හැඟීම් දැනීම් නැත්තෙකු මෙන් තෘප්තිමත් නෙතින් ඈ වේදනාව මත්තේ නෙතු ආයාගෙනය. එක් තත්පරයකට ධූර්යාගේ නෙතු විත් නැවතී ගීයේ ඔහු රුව මතය.

ඔහු දෙතොලග වූයේ මද සිනහවක්ය. ඒ දෙනෙත් තුළ වූයේම හුදෙක් තෘප්තිමත් හැඟීමක්ම පමණක්ය.

'දෙයියනේ..සර් ඔ..යා..ට මං ගැන පුංචිමවත් අනුකම්පාවක් නැද්ද?'

ඉඳින් ඔහු තම වේදනාව දැක සිනාසෙන්නේය. තමාගේ රුධිරය දැක තෘප්තිමත් වන්නේය. ඉඳින් හම පසාරු කරනා පිහිතුඩේ වේදනාව කෙතරම් කුඩාද, ඔහුට තමා ගැන කුඩා හෝ අනුකම්පාවක් නොමැති වග දෑස් ඉදිරියේම සනාථව යද්දී දැනෙන වේදනාව හමුවේ?

හිරිකඩක්Where stories live. Discover now