57

675 68 16
                                    


#හිරිකඩක්_57

ඉඳින් දින ගෙවෙන්නට විය. පින්නෙන් බරව ගිය මල් කිණිත්තක් මෙන් කෙමෙන් කෙමෙන් ඔහු සිතෙහි හැඟුම් ඇයට බර වන්නට විය. දරුවාත් ධූර්යාත් සුරක්ෂිතව තම සෙවණ යට තබාන නුඝාද් ගෙවූවේ තරමක කාර්යබහුල ජීවිතයක්ය. වසර ගණනාවක් අතහැර දමා තිබූ ව්‍යාපාර නඩත්තු කිරීම ඔහුට ලෙහෙසි පහසු වූයේ නැතිය.

"ශේනුක... මං හොයන්න කියපු වැඩේ මොකද?"

දිනෙක කාර්යාලයේ සිට ආපිට නිවසට පැමිණෙන අතරතුර නුඝාද් විමසූයේ තම විශ්වාසවන්තම සේවකයාගෙන්ය. සියල්ලම දන්නේ ඔහුය.

"සර් කියපු විදියටම ඒකෙ ඩවුට්ස් ගොඩක් තියනවා සර්.

ඇක්සිඩන්ට් එක වෙලා අද වෙනකල් අවුරුදු ගාණක් ගියත් පොලීසියට තාම ඒ ටිපර් එකේවත් ඩ්‍රයිවර්ගෙවත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙලා."

ඉඳින් ඒ ඊට වසර ගණනාවකට පෙර සිදුවූ තුයානාට දිවි අහිමි කරමින් තමාව අබ්බගාත කරමින් වූ රිය අනතුර පිළිබඳවය.

"ඒ කියන්නෙ ඒක නිකන්ම ඇක්සිඩන්ට් එකක් නෙමෙයි? උන් ඒකෙ විස්තර යටගහන්න හදනවා කියන්නේ ඒක කීයටවත් නෝමල් ඇක්සිඩන්ට් එකක් නෙමෙයි?"

"මටත් හිතෙන්නෙ ඒකම තමා සර්. නැත්තම් අඩුම සීසීටීවී වලින්ම පොලීසියට පොඩි හෝඩුවාවක් හොයාගන්න තිබ්බා.

අද වෙනකල් වාහනේවත් ඩ්‍රයිවර් ගැනවත් කිසිම විස්තරයක් නැතුව නිකන්ම කේස් එක යග ගහලා කියලා පේන්නෙ."

ශේනුක පවසද්දී නුඝාද් කල්පනාවට වැටුණේ ඔහුගේ උවනෙහි බැරෑරුම් සිතිවිලි ඇඳෙද්දීය.

'ඇක්සිඩන්ට් එක කරේ මගෙ තරහාකාරයෝනම් ඔයාගෙ ජීවිතේ නැතිවුණේ මං නිසාද තුයානා?'

ඒ සිතිවිල්ල අභ්‍යන්තරයෙන් ඔහුව දවාලන්නට වූයේ දැනෙණා රිදුම බොහෝ බරවැඩි වද්දීය. දෑස් පියාන ඔහු කාරයේ සීටයට හිස හේත්තු කරගත්තේ රිදුම් දෙය ළය මත්තේ තම අත්ල හෙමිහිට එහෙ මෙහෙ කරමින්ය. ඉඳින් තම ආදරණීයාගේ නික්මයාමට හේතුව තමා බව දැනෙද්දී හිත රිදුම් දෙන්නේ දරුණුවටය.

'මට සමාවෙන්න තුයානා... මට සමාවෙන්න!'

නුඝාද්ට දැනෙන්නේ තමා පිළිබඳවත් කෝපයක්ය. දැනුවත්ව කිසිදු අයෙකුට වරදක් කර නැති මුත් තමා පසුපස හිඳිනා මේ නොදන්නා තරහාකාරයා හෝ තරහාකාරයින් තම ආදරණීයාගේ ජීවිතයම උදුරාගෙන ඇත. තම ජීවිතයද උඩුයටිකුරු ඇත. ඉඳින් ධූර්යාව තමා වෙතට එවන්නට ඇත්තේද ධූර්යා පසුපස හිඳින්නේද ඔවුන්ම බව ඔහුට සැකයක් නැතිය. නමුදු ඔහු කෙතරම් වෙහෙසුනද ඔවුන් පිළිබඳව කිසිදු සාක්ෂියක් සොයාගැනීමට ඔහුට හැකිවූයේ නැතිය.

හිරිකඩක්Where stories live. Discover now