62

576 65 8
                                    


#හිරිකඩක්_62

සැලෙන ඇහිපියන්හි ඉහළ පහළ චලනය වන ඇහිපිහාටු හදවතෙහි ඇතුල් බිත්ති වල ස්පර්ෂවීගෙන යනවා මෙන් සංවේදනයකින් හදවත පිරී යන වගක් නුඝාද්ට දැනුණේය. හෘද ස්පන්දන රිද්මයත් උමතුවූ සෙයකි. දරාගැනීම අපහසු තරමේ කුමක්දෝ අමුතුම සතුටක් මුහු වූ මිහිරියාවත් සමඟම නුඝාද් උන්නේ තත්පර කිහිපයක් හුන් ඉරියව්වෙන්ම ගල්ගැසීගෙනය.

පියවි සිහිය කෙණිත්තූ තත්පරයේ ඔහු හුස්මකින් ළය පිරෙන්නට ඉඩදී එහෙමම ඉදිරියට නැඹුරු වීගෙන හිඳිද්දීම මුහුණ හරවාලූයේ ඇය උවනට මුහුණලාය. ඉඳින් ඈ අවිහිංසක බැල්ම අද්දර නෙතත් හිතත් නිවී යන්නට විය. තවත් මොහොතකින් ඔහු අත්ලක් මෘදුව ඈ කොපුලක් මත්තේ ස්පර්ෂව යද්දී එහෙමම ඉදිරියට නැවුණු නුඝාද් ඈ නළල් තලය සිපගත්තේ හදවතේ නළියනා ප්‍රේමය හාදුවකින් ඈ මත්තේ තබමින්ය. බැල්ම ප්‍රේමාන්විතය... එය නුරාවක් මුහු නොවූ දරුවාට හෙළනා ආදරයම පමණක් මුහුවූ ප්‍රේමාන්විත බැල්මක්ය.

"චා තී... ම්ම්"

ඉඳින් ඔහු දෙතොලතර සිහින් මන්දස්මිතයක් පින්තාරු කරමින් ඊළඟ මොහොතේදී කුඩා දැරිය ඔවුන් දෙදෙනාගේ මුහුණු මැදට පැමිණියේ ඒ කුඩා අත්වලින් නුඝාද්ගේ මුහුණ පසෙකට කරමින්ය.

"ඒයි... මගෙ ඉරිසියාකාරි..."

ඉඳින් ඇය දැන් ධූර්යාට බොහෝම සමීපය. කුමන තත්වයෙන් උන්නද මවත් දරුවාත් අතර වන බැඳීම වදනින් නිර්වචනය කළ නොහැක්කක්ය. ඒ පුරා නව මසක් දරුවකු මවකගේ සිරුරෙහි කොටසක්ව හිඳිණා නිසාවෙනුත් වන්නට ඇතිය. මවට දරුවා මෙන්ම දරුවෙකුට මවකුත් මහමෙරක්මය.

ධූර්යා නුඝාද්ට ළං වද්දී ධූර්යාගේ අවධානයත් නුඝාද්ගේ අවධානයත් තමා කෙරෙන් ගිලිහෙනවාට දැරිය අකමැතිය. කුඩා දරුවන්ට අවැසිම අනෙකුන්ගේ අවධානයය. නුඝාද් සිනාසී දරුවාව ඔසවා තම ඔඩොක්කුවට ගත්තේ ධූර්යා ඒ මත්තේම නෙතු තබන් හිඳිද්දීය.

"අම්මි තාත්තිව ඉඹිද්දි ජෙලස් වුණාට කරන්න දෙයක් නෑ...ම්ම්"

නුඝාද් දරුවාව හරස් අතට හරවා පවසන්නේ ඔහුගේ රැවුල් කොට වලින් දරුවාගේ උදරය කිති කවමින්ය.

හිරිකඩක්Where stories live. Discover now