47

654 68 8
                                    

#හිරිකඩක්_47

සිව්නෙත හමුවීනම් තත්පරම කිහිපයක්ය. පුදුමයට කරුණනම් අන් සියල්ලන්ම මෙලෙස ඇයට සමීප වද්දී බියෙන් තැතිගන්නා ධූර්යා සන්සුන්ය. ඒ බෝල නෙතු මත්‍තේ නවාතැන්ගත් නුඝාද්ගේ බැල්ම හිතත් නොදන්නා ඉසව්වකට ගෙන ගොස්ය.

'ඇයි මට හිතෙන්නේ මුල ඉඳන්ම මම වරද්දගෙනවත්ද කියලා?'

හිතට දැන් දැන් දැනෙණා හැඟුම් බොහෝ විකාරරූපී බවක් ඔහුට සිතෙන්නේය. නමුදු සිතෙහි එක් පසක් පවසන්නේම ඒ යථාර්තය බවත් එකම තීරණයක එල්බගෙන හිඳිනා තම සිත එය පිළිගන්නට අකමැති බවක්ය.

"නෑ... මම වැරදි නෑ! මොන හේතුවක් උඩ තමුසෙ එහෙම කරත් ඒකෙන් වුණේ මගෙ ජීවිතේම කණපිට ගහපු එක...

නෑ...කීයටවත් මම වැරදි නෑ. තමුන් විඳෙව්වෙ තමුන් කරපු කියපු දේවල් වලට. එච්චරයි!"

ඉඳින් හිත එලෙසය. හිතට දැනෙණා තැවුල් නිවාගන්නට මිනිසුන් කරන්නේම තමාගේ පසින් තමාවත් තමාගේ ක්‍රියා කලාපයනුත් සාධාරණීකරණය කර ගැනීමය. නුඝාද්ද එලෙසය. ධූර්යා දැන් සිටිනා තත්වයට තමා වගකිව යුතු බව ඔහුගේ යටිසිත හොඳාකාරව දන්නේය. නමුදු එය පිළිගත් විට හිතට දැනෙණා වේදනාව, පසුතැවීම විඳවන්නට ඔහුගේ සිත පසුබසින්නේය.

"තමුන්‍ට තිබ්බා එදා නොගිහින් ඉන්න. එහෙම වුණානම් මේ වගේ දෙයක් වෙන්නෑනෙ."

කලබල සිතත් සමඟ එලෙස මුමුණමින් ඔහු සයනයෙන් නැගිටගත්තේ ධූර්යා තමා අතවූ රෙදි ගුළිය ළයට මිටිකරගනිද්දීය. ඇය අබියසදී දැනෙණා අලුත් හැඟීම් වලට අකමැති ඔහු කුටියෙන් පිටතට ගියේ වේගවත් පියවර ඇහිඳිමින්ය.

ළයට දැනෙණා අමුත්ත වගක් නොකර නුඝාද් රැඳී උන්නේ දරුවා අසලින්ය. බිළිඳිය තවම සුවසේ නිදනවාය.

"මගෙ මැණික හීන බල බලා නිදිද හීනෙනුත් හිනාවෙන්නෙ?"

නින්දෙනුත් සිනාසෙන සිනාමල ඔහුගේ සිතෙහි සියළු දුක් දොම්නස් අකා මකා දමන මායාවක් බඳුය. ලෝබකමෙන් මෙන් ඔහු ඒ කුඩා අතක් ඇඟිලි වලින් අල්වා එය සිපගත්තේ ඇය අවදිවේවියැයි බියෙන්ය.

"මගෙ හිනාමල නිදන් ඉද්දි තාත්තිට පාලුයි..."

ඇය අද බොහෝ වේලාවක් නිදාගත්තා වගේය. ඔහු මුමුණන්නේ දරුවාගේ නළලට වැටුණු හිසකේ සීරුවට පසුපසට කරමින්ය. ඇයව ඔහු ස්පර්ෂ කරන්නේත් මල් පෙත්තකටත් වඩා සියුම් අයුරින්ය. ඕනෑම ගොරහැඬි පිරිමියෙකු පියෙකු වූ විට එතරම්ම සියුම් වන්නේය. සංවේදී වන්නේය. පීතෘ ස්නේහය එලෙසය. ලේ කිරි කර නොපෙව්වාට මව් සෙනෙහසට දෙවෙනි නැතිය.

හිරිකඩක්Where stories live. Discover now