51

613 58 8
                                    


#හිරිකඩක්_51

එක්වරම නුඝාද් ඇයව තම ළයට ඇදගද්දී ධූර්යා තිගැස්සී ගියාය. ඒ ක්ෂණයෙන් ඇය පසුපසට යන්නට තැත් කළද එයට කලියෙන් ඇය ඔහුගේ සවිමත් බාහුවලට මැදිවී අවසන්ය. ගෙවුණේ තත්පරයක්ය. ඉඳින් තම ආත්මයම වැළඳ හිඳිනා පිරිමි පරාණය අබියස ඇය නිවුණේ ඉබේටම. මනස ගිලන්ව තිබෙණා මුත් ඇයට ඔහුව දැනෙන්නට ඇතිය. රුදුරු, කුරිරු රිදවීම් මධ්‍යයේ පවා ඔහු වෙනුවෙන් මහ විසල් ප්‍රේමයක් දරාන උන් ඇය හදවත ඔහුව නොහඳුනවා විය නොහැකිය.

"තමුසෙ මට කරපු දේවල් වලට ඕනෑවටත් වඩා දඬුවම් විඳලා කියලා ඇයි මට හිතෙන්නේ?"

ඉඳින් නුඝාද්ගේ ළය ගැහුණේද අමුතුවටය. ඇය අබියසදී පෙර දිනයන්හි ගැහෙණා කෝප හැඟුමන් ආගිය අතක් නැතුවා සේය.

"මට තවත් තමුසෙ ගැන වෛරයක් දැනෙන්නෙ නැත්තෙ ඒ නිසාද?

නැත්තම්... තමුසෙ මේ ඉන්න තත්වෙ නිසාද ධූර්යා?

එහෙමත් නැත්තම් මගෙ දරුවා නිසාද?"

ඔහු මුමුණාලන්නේ ඇයට නොව ඔහුටමය. ධූර්යාව ආපසු සොයාගත් දින පටන් නුඝාද්ගේ හැසිරීම සෑහෙන්නම වෙනස් වීලාය. නමුදු ඔහු උන්නේ ඇයව දුරින් තබාගෙනය. එහෙත් මේ වැළඳගැනීම ඔහු හදවතේ ඇතුල්බිත්ති වල ස්පර්ෂ කරවාලන හැඟුම ශෝභමානයැයි කීවොත් නිවැරදිය.

"හ්හ්... මට තේරෙන්නෙ නෑ...

මොන මගුලක් වුණත් මේ දේවල් මේ විදියට විසඳෙන්න ඕනේ. ඒ මගෙ ඒන්ජල් නිසා... තමුසෙගෙයි මගෙයි ප්‍රශ්න එයාට බලපාන්න බෑ!"

මුව පවසන්නේ වෙන යමක්ය. තමා ඇයට මටසිළුටු වන්නේ ඇයගේ අසනීපය නිසාවෙනුත්, දරුවා නිසාවෙනුත් බව ඔහුම ඔහුට පවසාගත්තද හදවත පවසන්නේ වෙනමම යමක්ය. කුමක්දෝ හිස්තැනක් පිරී යනවා මෙන් දැනෙණා හැඟුමත් සමඟ ඔහු උන්නේ ඇයව අත නෑරමය.

හුස්මක් හෙළා නුඝාද් නෙතු යොමුවේ තම දෑතට මැදිව සිටිනා ධූර්යා දෙසටය. තමා ඇයව වැළඳගත්තා තද වැඩි දැයි සිතෙද්දී ඔහු තම අත් වළල්ල ලිහිල් කරලූයේ හෙමිහිටය. වෛරය නිසා පෙර දිනක ඇයගේ සමෙහි ඇඟිලි පහරවල් සිටිනා තරමට තදින් ඇයව ඇල්ලූ ඔහුමදැයි කිසිවෙකුට සිතන්නට පුළුවන්ය. ඒ තරමටම ඔහු ඇය අබියස දැන් හික්මීගෙනය.

හිරිකඩක්Where stories live. Discover now